ගුවන් යානයක් එනතුරු පැය 12ක් කටුනායක රස්තියාදු වූ ලොවක් දන්න හිමි නම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ගුවන් යානයක් එනතුරු පැය 12ක් කටුනායක රස්තියාදු වූ ලොවක් දන්න හිමි නම

ගුවන් යානයක් එනතුරු පැය 12ක් කටුනායක රස්තියාදු වූ ලොවක් දන්න හිමි නම

බෞද්ධ දර්ශනය සම්බන්දව දේශනා පවත්වන ජ්‍යාත්‍යන්තරව පිලිගත් බ්‍රිතාන්‍ය ජාතික " ආජාන් බ්‍රහ්මවංශ " හිමියන් කටුනායක ගුවන් තොටුපළට පැමින ඇත්තේ ශ්‍ර්‍රි ලංකන් ගුවන් යානයකින් බැංකොක් නුවර බලා පිටත්ව යාමටයි.

 

නියමිත වේලාවට ගුවන් තොටුපල වෙත පැමින සිටියද ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් ගුවන් තොටුපලෙහි රැඳී සිටීමට සිදු වීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.


අද(31) අලුයම 1.10ට පමන ගුවන් තොටුපලට වැඩම කර සියලු නිෂ්කශන කටයුතු නියමිත වෙලාවට සිදු කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ කාමරයේ රැඳී සිට තිබෙනවා.


උන්වහන්සේ බැංකොක් නුවර බලා පියාසර කිරීමට සිටි ගුවන් යානයට මෙරට අග්‍රාමාත්‍යවරයා ඇතුලු පි‍රිසක් විශේෂ බස් රථයකින් ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුනත් ආජාන් බ්‍රහ්මවංශ හිමියන්ට ගුවන් යානය වෙත පිටත්ව යාමට අවස්ථාවක් ලබා දී නැහැ.

 

නමුත් අවසානයේ ගුවන්තොටුපල බලදාරින් විසින් දන්වා ඇත්තේ උන්වහන්සේගෙ ගමන් වාරය අවලංගු කර ඇති බවටයි.

 

කෙසේ නමුත් පැය 12කට අධික කාලයක් ගුවන් තොටුපලෙහි රැඳී සිටි උන්වහන්සේ උදෑසන 10.45ට මැලේසියාව බලා පියාසර කල ගුවන් යානයකින් පිටව ගොස් තිබෙනවා.

views

341 Views

Comments

arrow-up