වසා ඇති ගෙවල්වලට මහ දවල් පනින දවල් හොරා මාට්ටු වුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

වසා ඇති ගෙවල්වලට මහ දවල් පනින දවල් හොරා මාට්ටු වුණු හැටි

වසා ඇති ගෙවල්වලට මහ දවල් පනින දවල් හොරා මාට්ටු වුණු හැටි

දිවා කාලයේ වසා දමා තිබෙන නිවෙස්වලට ඇතුළු වී දේපළ සොරා ගැනීමට පුරුදුව සිටි අපරාධකරුවකු බව කියන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් පහක් සමඟ පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි. 

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි අයකු බව පොලිසිය කීය. කොට්ටාව පරණ පාරේ වෛද්‍යවරයෙකුට අයත් නිවසක හා පන්නිපිටිය වෛද්‍ය මධ්‍යස්ථානයක් අසල නිවසකින් දේපළ කොල්ල කෑමේ සිද්ධීන් දෙකක් පිළිබඳව ඉකුත් දා පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.

 

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා වලින් හඳුනාගත් තැනැත්තකු පිළිබඳව විමර්ශනය කරමින් සිටිය දී ඔහු දිනපතා කොට්ටාව ප්‍රධාන බස් නැවතුම් පළට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව නිලධාරි කණ්ඩායමක් එහි ආවේශන රාජකාරියේ රැඳී සිටිය දී 22 උදෑසන ඔහු බස් රථයකින් පැමිණ තවත් බස් රථයකට නැගීමට යාමේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සොරකම් රැසක සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.



ඒ අනුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ඔහුගේ නිවසේ තිබී රූපවාහිනියක්, ජෙනරේටරයක්, ගෑස් සිලින්ඩරයක් හා හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100 භාරයට ගෙන ඇත.

 

සැකකරු මෙම භාණ්ඩ විකුණා හෙරොයින් ගැනීමට ඇබ්බැහි වූ තැනැත්තකු අතර කොට්ටාව, අතුරුගිරිය, මහරගම මාලඹේ යන ප්‍රදේශවල නිවාස බිඳ දේපළ කොල්ල කා ඇති බවට අනාවරණය වී තිබේ. කොට්ටාව පොලිස් වසමේ සිදු කළ දේපළ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට වරදකරු වීමෙන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස නම් කළ කෙනෙකි.

views

229 Views

Comments

arrow-up