“පොඩි කාලේ ඉඳන්ම නළුවෙක් විදිහට එයාව දන්නවා” - ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන්ගේ බිරිඳ රිද්මා කියන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

“පොඩි කාලේ ඉඳන්ම නළුවෙක් විදිහට එයාව දන්නවා” - ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන්ගේ බිරිඳ රිද්මා කියන කතාව

“පොඩි කාලේ ඉඳන්ම නළුවෙක් විදිහට එයාව දන්නවා” - ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන්ගේ බිරිඳ රිද්මා කියන කතාව

ඇය අතිශය ජනප්‍රිය තරු බිරිඳක්, ඈ එහෙම ජනප්‍රිය වෙන්නේ සමාජ මාධ්‍යය තුළින්මයි. 

 

ඒ වෙනින් කවුරුත් නෙවෙයි, ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ රිද්මා. මෑතකදී රිද්මා, රොෂාන් සමඟ විවාහ වන්නට පෙර රොෂාන් දැන සිටි ආකාරය ගැන මාධ්‍යයට පැවසුවා.


මේ තියෙන්නේ ඇගේ ඒ ප්‍රකාශය 
“ටෙලිනාට්‍යවලින් රොෂාන් අයියාව දකිනවා. පොඩි කාලේ ඉඳන්ම මම නළුවෙක් විදිහට එයාව දන්නවා. අපි පොඩි දවස්වල ඉඳන් දකින රංගන ශිල්පීන්ගේ නම් අදටත් කටපාඩම්. දැන් ඉන්න සමහර අය අපිට අමතකයි.


මොකද ගොඩක් ඉන්න නිසා. ඒ කාලේ සීමිත ප්‍රමාණයක් හිටපු නිසා හැමෝම මතක හිටිනවා. එහෙම මතක තිබුණු නමක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. මම පාසල් පහකට ගිහින් තියෙනවා. මගේ පියා රාජ්‍ය සේවකයෙක්. තාත්තාගේ සේවා ස්ථාන මාරු වෙද්දි අපිත් තාත්තා එක්කම යනවා.


අන්තිමටම මම උසස්පෙළ කළේ පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයෙන්. උසස් පෙළ කරලා අවුරුදු දෙකක් ගත වනකොට තමයි රොෂාන් අයියාව හමුවෙලා අපි විවාහ වුණේ”

views

278 Views

Comments

arrow-up