සුදු ඉර මතදී සිදුවූ අනතුරෙන් පිය පුතු දෙපළ අවසන් ගමන් යයි

මහනුවර බූවැලිකඩ ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක් පෙරේදා (16) රාත්‍රී 8ට පමණ ජීප් රථයක ගැටී මරණයට පත්ව තිබේ.
මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පලාත් සභා මන්ත්‍රී හා ආසන සංවිධායකවරයා විසින් පදවන ලද ජීප් රථයක මොවුන් ගැටී ඇත්තේ මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ දීය. මියගොස් ඇත්තේ 42 හැවිරිදි පියා සහ 11 හැවිරිදි ඔහුගේ පුතා බව මහනුවර පොලිසියේ රථවාහන අංශය පවසයි.
මියගිය සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අයෙකි.
අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රොද්‍රිගෝ සහ විමන්ත රොද්‍රිගෝ නමැති ඔහුගේ පුතාය.
පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාතහේවාහැට ආසන සංවිධායක ගාමිණි විජයබණ්ඩාර නමැති අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශකවරයකු වන අතර ඔහු කරාටේ පංතියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
423 Views
Comments