තායි ස්වාමීන්වන්සේලා එක්ක ත්‍රිකුණාමලයේ ඉඳන් මහනුවරට කි.මී.200ක් පයින් ගිය බලු‍ සුරතලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

තායි ස්වාමීන්වන්සේලා එක්ක ත්‍රිකුණාමලයේ ඉඳන් මහනුවරට කි.මී.200ක් පයින් ගිය බලු‍ සුරතලා (PHOTOS)

තායි ස්වාමීන්වන්සේලා එක්ක ත්‍රිකුණාමලයේ ඉඳන් මහනුවරට කි.මී.200ක් පයින් ගිය බලු‍ සුරතලා (PHOTOS)

සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් වසර 270ක් පිරීම නිමිත්තෙන් එම ඓතිහාසික ගොඩබිම්  ගමන් මාර්ගයේ යළි පාද යාත්‍රාවේ යෙදුන දෙස් විදෙස් බෞද්ධ  සැදැහැවතුන් සහ සියම් දේශයේ  මහා සංඝයාවහන්සේ ඇතුළු සංඝරත්නය  සමග පුරා දින 09ක මුළු සංචාරයටම   එක්වුන  සුනඛයෙක්  පිළිබඳ කදිම පුවතක් වාර්තා වේ.

 

ත්‍රීකුණාමලයේ සිට මෙම පාද චාරිකාව ආරම්භ කරන අවස්ථාවේ දී සැදැහැවත් පිරිස සමග කුඩා කල සිට ත්‍රීකුණාමලය පන්සලක හැදී වැඩුන මෙම සුනඛයා ද   ගමන් ආරම්භ කර ඇත්තේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය.

 

පිරිසේ අවධානය මෙම සුනඛයා සම්බන්ධව යොමු වී ඇත්තේ චාරිකාව අරඹා දින දෙකකිනි. එතැන් සිට එම සතා පිලිබඳව ද දැඩි අවධානයකින් කටයුතු කිරීමට චාරිකාවට එක්වූ තායි උවැසියන් තිදෙනෙක් ඉදිරිපත් වී තිබේ.



ඔවුන් තමන් නවතින තැන්ව මෙම සුනඛයාටද නවාතැන් සපයා ආහාර පාන ලබා දී වැඩි අවධානයකින් යුතුව රැක බලාගෙන ඇත. ඉන් අනතුරුව මේ සත්ත්වයා පාදයාත්‍රාවේ යෙදුන සියලු දෙනාගේම ආදරයට සහ අවධානයට ලක් වී තිබේ.


මේ අමුත්තාව මග දෙපස සිටින සුනඛයින්ගේ ප්‍රහාරවලින් ආක්ෂා කරගැනීමට පෙරහරට ආරක්ෂාව සපයන පොලිසිය ඉදිරිපත් වී ඇත.



අවසානයේ දී අද සවස මහනුවරට පැමිණි පිරිස පිළිගැනීමට මල්වතු අස්ගිරි මහ පන්සල් සූදානම් කර තිබූ අලි ඇතුන් සහිත පෙරහරේ සැදැහැවත් පිරිස සමග මෙම සුනඛයා ද ගමන් කරනු දක්නට ලැබිනි.

 

 

 

views

227 Views

Comments

arrow-up