මුදු මාරු සෙල්ලමකින් මාට්ටු වූ අමුතු ජාවාරමක් කල කත

නව මුදුවක් මිල දී ගැනීමේ මුවාවෙන් පැමිණ රන් ආලේපිත යකඩ මුදුවකට රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා නව මුදුවක්මාරුකරගෙන පලා ගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙම කාන්තාව මීට පෙර දිවයින පුරා පිහිටි රන් ආභරණ අලෙවි මධ්‍යස්ථාන හතකින් මෙසේ රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධීන් හතකට අදාළව අධිකරණවල නඩු විභාග වන බව ද පොලිසිය කීය.
සැකකාර කාන්තාව ඉකුත් 21වැනිදා හෝමාගම නගරය ආසන්නයේ පිහිටි රන් ආභරණ අලෙවි මධ්‍යස්ථානයකට පැමිණ රුපියල් ලක්ෂ දෙකහමාරක් වටිනා රන් මුදුවක් මිල දී ගැනීම සඳහා කතා බහ කරගෙන තිබේ.
ඊට අදාළ මුදල් පියවීමේ දී තමා පැළඳ සිටින රුපියල් ලක්ෂයක් පමණ වටිනා බව පැවසෙන මුදුවක් සමග ඉතිරි මුදල් ගෙවීමට ද පොරොන්දු වී තිබුණි.
ඒ අතරතුර දී සැකකාර කාන්තාව විවිධ මාදිලියේ මුදු පරික්ෂා කර ඇති අතර ඇතැම් මුදු තම ඇඟිලිවලට පවා දමා පරීක්ෂා කරමින් සිටිය දී එක්වරම ඇය පැළඳ සිටි මුදුව ගලවා නව මුදුවක් ඇඟිල්ලට දමාගෙන නව මුදුවෙහි තිබූ මුද්‍රිත ලේබලය කිසිවකුටත් නොදැනෙන සේ පරණ මුදුවෙහි අලවා රුපියල් 500 ක අත්තිකාරම් මුදලක් ද දී බැංකුවෙන් මුදල් ලබාගෙන එන බව පවසා පිටව ගොස් තිබුණි.
එහෙත් ඇය අත්තිකාරම් මුදලට අදාළ රිසිට් පතක් හෝ නොගෙන පිටව යාම පිළිබඳව ආයතනයේ හිමිකරුට සැක සිතී ඇය පරික්ෂා කරමින් තිබූ මුදු තොගය නැවත පරික්ෂා කිරීමේ දී ඒ තුළ යකඩින් නිමවූ රන් ආලේපිත මුදුවක් තිබී හමුවී තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාවගේ ඡායා රූපයක් ආරක්ෂිත කැමරාවෙන් ලබාගෙන එය පොලිස් නිලධාරීන් අතරේ හුවමාරු වන වස්ඇප් සමූහයකට යොමු කිරීමේ දී ඇය මීට පෙර මෙවැනිම සොරකම් කිහිපයක් සිදු කළ කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී එදින සොරාගත් බවට සැක කෙරෙන මුදුව ඇය පැළඳ සිටිය දී පොලිස් භාරයට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඇය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමේ දී මීට පෙර අනුරාධපුර වව්නියාව කතරගම මාතර ගාල්ල මහරගම සහ කිරුළපන යන ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානවලින් මේ අයුරින්ම රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් හතක තොරතුරු අනාවරණය වී ඇත. මෙසේ උපයා ගන්නා මුදලින් ඇය සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව ද හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කීය.සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වෙයි.
270 Views
Comments