ආදරෙන් කළ ඉල්ලීමට බෑ කිව්වාට සනී ලියෝන් දුකෙන්... (PHOTOS)

2016 වසරේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු විසින් තමාව අපහසුතාවයකට පත් කළ බවට සනී ලියෝන් චෝදනා කරනවා.
බොලිවුඩයට පැමිණි ගමන් මග සහ නිල් චිත්‍රපට නිළියක් ලෙස තමන් ගත කළ කාලය සම්බන්ධව එහිදී විව්ෘතව කතා කිරිමට තමන් පසුබට නොවුනු බවටයි ඇය පවසන්නේ.
නමුත් එම සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීමට ප්‍රථමව තමන් එය නැරඹීමට ඉල්ලා තිබුනත් ඔවුන් විසින් ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කළ බවට ඇය චෝදනා කර තිබෙනවා.
ඇගේ එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එම සම්මුඛ සාකච්ඡාව විකාශනය වූ පසු එය පිටපත් කර නරඹන්නැයි එම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා තමන් වෙත පැවසූ බව ඇය කියා සිටිනවා.
යම් රූප රාමු නිසා තමන්ට සහ තමන්ගේ සගයින්ට සිත් රිදවීමක් සිදුවේ යැයි සිතීමෙන් එම ඉල්ලීම කල බවට
ඇය කියා තිබෙනවා.
නිල්චිත්‍රපට ක්ශේත්‍රයේ සිට බොලිවුඩයට පැමිණි ඇයට ක්ශේත්‍රය තුළදී සමහරුන්ගෙන් වෙනස්කම්වලටද ලක්වන්නට වුන බවට ඇය ප්‍රකාශ කර තිබුනේ කඳුලු පිරි දෙනෙතින්.
කෙසේ නමුත් මේ දිනවල සනී ලියොන් රංඟනයෙන් දායක වන අනුරාග් කාශ්‍යප් අධ්‍යක්ශනය කළ " කෙනඩි" නම් සිනමා පටය කෑන්ස් සිනමා උළෙල නියෝජනය කර තිබෙනවා.
252 Views
Comments