සිරිපැරකුම් තිරගත වී වසර දහයක් ගතවෙද්දී සිනමාපටය ගැන ප්‍රධාන නිළි සෙනාලි කියපු දේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

සිරිපැරකුම් තිරගත වී වසර දහයක් ගතවෙද්දී සිනමාපටය ගැන ප්‍රධාන නිළි සෙනාලි කියපු දේ (PHOTOS)

සිරිපැරකුම් තිරගත වී වසර දහයක් ගතවෙද්දී සිනමාපටය ගැන ප්‍රධාන නිළි සෙනාලි කියපු දේ (PHOTOS)

සෙනාලි ෆොන්සේකා කියන්නෙ වර්තමානයේ සිටින දක්ශ සහ ජනප්‍රිය නිළියක්.

 

සිනමාව සහ පුංචි තිරයේ එක ලෙස ප්‍රේක්ශකාදරය ලබා ගත් සෙනාලි මේ දිනවල නම් ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වෙලයි ඉන්නෙ.ඒ එරට සංවිධානය කල "සිනේ තරු රැයක්" ප්‍රාසාංගික වැඩසටහන සඳහා සහභාගී වීමට.

 

ඒ සංචාරය එහෙම වෙද්දි, සෙනාලි රිදී තිරයට රැගෙන ආව නිර්මාණයට දශකයක් පිරිලා.

 

ඒ තමයි සිරි පැරකුම් සිනමා පටය. ඇය ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ගිනුමේ සටහනක් දාන්නත් අමතක කරලා තිබුනේ නැහැ.

 

" සිරි පැරකුම් සඳහා වසර 10යි, මම ඔබ අතරට ඇවිත් වසර 10ක්
වසර ගණනාවක් පුරාවට බොහෝ දේ ඉගෙන ගත්තෙමි. තවමත් මෙය ආරම්භයක් පමනයි.. තවත් බොහෝ දේ
අත්විදීමට ඇත!
මේ දක්වා මගේ ගමනේ කොටස්කරුවන් වූ ඔබ සැමට බොහෝම ස්තූතියි! මා සමඟ සිටින මගේ රසික පවුලට
ගොඩක් ආදරෙයි! "

 

මීට අමතරව අකිල ධනුද්දරද ඔහුගේ පළවෙනි සිනමා නිර්මාණයට දශකයක් ගතවන මොහොතේ ඒ සම්බන්ධයෙන් සිය සිතැඟි සමාජ ජාලා හරහා රසිකයින් සමග බෙදාගෙන තිබුනා.

 

 

 

 

 

views

278 Views

Comments

arrow-up