දේදුන්නක්වත් පායලාද? දේදුන්නේ පාට පාටින් හැඩවුණු සෝනම් කපූර් - කවුරුත් කතාවෙන සෝනම්ගේ ඇඳුම (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

දේදුන්නක්වත් පායලාද? දේදුන්නේ පාට පාටින් හැඩවුණු සෝනම් කපූර් - කවුරුත් කතාවෙන සෝනම්ගේ ඇඳුම (PHOTOS)

දේදුන්නක්වත් පායලාද? දේදුන්නේ පාට පාටින් හැඩවුණු සෝනම් කපූර් - කවුරුත් කතාවෙන සෝනම්ගේ ඇඳුම (PHOTOS)

විලාසිතා එක්ක ඒ හා සමානව බැඳුණු එකක් තමයි 'ජනප්‍රිය චරිත'

 

ජනප්‍රිය චරිත තෝරාගන්නා විලාසිතා ගැන බොහෝදෙනා පසුවන්නේ වැඩි අවදානයකින්.

 

ඒ අවදානය කොච්චරක් ද කිව්වොත්, ඔවුන්ගේ තෝරාගැනීම් පුවත් මවන තරමට කතාබහට ලක්වන සුළු ඒවා වනවා.

 

ඔන්න එහෙම කතාබහට ලක්වුණු විලාසිතා තේරීමක් සෝනම් කපූර්ගෙන් දකින්න ලැබුණා.

 

ඈ හරියට පාට පෙට්ටියක් වගේ.

අතිශය සරල ඇඳුමක් වුව, ඊට එක්කාසු කර තිබූ වර්ණවත් බව සෝනම්ගේ රූපයත් ඉක්මවා කැපී පෙනුණා කිව්වොත් හරි.

 

බොලිවුඩයේ ආරංචි මාර්ගවලට අනුව ඇය මේ විදියට සැරසී දකින්න ලැබී තිබුණේ ගුවන් තොටුපළේ දී.

 

අනෙකුත් තරු විලාසිතාවලට වඩා බොලිවුඩයේ විලාසිතා කෙරෙහි කාගෙත් ඉහළ උනන්දුවක් ඇති නිසාම වෙන්න ඇති, සෝනම්ගේ මේ තේරීම බොහෝදෙනා අතර කතාබහට ලක්වන මාතෘකාවක් නිර්මාණය කරලා....

 

හැබැයි ඇය සිය විලාසිතා තුළින් කතාබහට කරුණු නිර්මාණය කළ පළමු අවස්ථාව නම් මේක නෙවෙයි.

ඇගේ සෑම තේරීමක් ම පාහේ විලාසිතා විචාරකයින්ට සහ ඇගේ රසිකයින්ට කදිම සංග්‍රහයක් හා සමානයි !

 

ඒ අනුව බොහෝදෙනාගේ අදහස තමයි, සෝනම්ගේ ඇඳුම් එකතුව පරීක්ෂා කළහොත් විවිධාකාර සහ ආකර්ෂණීය ඇඳුම් ආයිත්තම් රැසක් ඔබට හමුවනු ඇති බව.....

views

1723 Views

Comments

arrow-up