“මෙයා ගැන මොකක්ද ලියන්නෙ කියලා හිත හිත ඉන්නකොට තමයි “සයිකො” එක ආවේ.... - ගයාන් කට වක්කඩේ වගේ කියලා ලිව්වෙ පෙම්වතියටද??

සුපුරුදු ගයියා ආයෙත් ඇවිත් !
ඔව්... වරෙන් යන්න, මස්සිනා, බොරුකාරී, ටිකෙන් ටික, SMS වගේ අතිශය රසික ආකර්ෂණය දිනූ ගී ගැයූ ගයාන් පෙරේරා ආයෙමත් ඇවිත්.
ගයාන් ක්ෂේත්‍රයේ උන්නාට මොකද අර කිව්වා වගේ ඔහුට සුපුරුදු රිද්මයේ ගීතයක් කාලෙකින් එළියට ආවෙ නෑ.
ඔන්න ඒකට නියම උත්තරයක් අරන් ඔහු යළි සුපුරුදු ගයාන් විදියට අපි ඉස්සරහට ඇවිත්.
ඒ, සයිකො කතන්දර ගොඩක් අරන් !!
'සයිකො' පද, හඬ සහ සංගීතය මේ සියල්ලම ගයාන්ගෙ.
පිරිසක් ගීතය ගැන තරමක විවේචනාත්මක අදහස් එකක් දෙකක් එක්කාසු කළාට මොකද බහුතරයක් ගීතය ඉහ මුදුනින්ම පිළිගෙන.
ඒ, 'කෙල්ලන්ට ඇත්තටම සයිකො' කියලා !!
ගයාන් කියන්නෙම සුහදශීලී, විනෝදශීලි චරිතයක්.
ඒ බව ඔහුගේ නිර්මාණවලත් දකින්න පුළුවන්.
ඒකනෙ මෙච්චර සරල වචන හැඩට, රහට ලියවෙන්නෙ.
තවත් කාරණයක් නම්, ඔහු ඔහුගේම ගමනක් යන චරිතයක් මිස මෙරට සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූ සිය පියාගේ එනම් සුනිල් පෙරේරාගේ නිර්මාණවලින් බැබළෙන පුත්‍රයෙක් නෙවෙයි.
ගයාන්ගෙ සිංදු හරි ''රහයි'' ...ඒවා අපිට හරි ළඟ බවක් දැනෙන නිර්මාණ.
එහෙම ලියවුණු, සයිකො පිටුපසත් තියෙනවා අපූරු ආදරණීය කතාවක්.
ඔහු කියන විදියට ගීතය ඔහුගෙ පෙම්වතියට ලියපු එකක්.
මොකාක් !! කෙල්ලට ද එතකොට ගයියා මේ සයිකො කියන්නෙ !!!
ඔව් ඔව්... එයා ඇතුළු සියලුම කෙල්ලො ඉන්නවා ''සයිකො'' නිර්මාණය ඇතුළෙ.
''මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා තමයි ඇත්තටම මේ සිංදුව ලියවුණේ.
එයා මට නිතරම වද දෙනවා, මම ආවට පස්සෙ දාපු සිංදු හද මන්දිරේ අනම් මනම් ලව් සිංදුනෙ.
ඊට පස්සෙ ඕවා දානකොට එයා ඇහුවා එයා ගැන ලියන්නෙ නැද්ද සිංදුවක් කියලා.
ඉතින් මං මෙයා ගැන මොකක්ද ලියන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි,
'සයිකො' එක ආවේ....''
ගයාන්ගෙ පෙම්වතිය සෙලීනා (Seleena Cooray)
ගයාන් කියන විදියට සිය සංගීත ගමනට ඇයගෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබෙනවා.
''මගෙ ආසම දේ එයාව අවුස්සන එක.
අපේ රිලේශන්ෂිප් එක ජොලියෙ යනවා.
මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි සපෝර්ටිව්.
මගෙ මියුසික් වැඩවලට සහ අනිත් දේවල්වලට හරි සපෝර්ට්ව්.
ඉතින් අපි හැමදේම කතා කරගන්නවා. සමහරවෙලාවට මරාගන්නවා...''
ඉතින්, සිංදුවත් එක්ක ගයාන්ගෙන් හැමෝම අහන අනිත් ප්‍රශ්නෙ තමයි බඳින්නෙ කවද්ද ??? කියන එක.
තවත් නිර්මාණ කිහිපයක් එළියට දානකල් ගයාන්ට බඳින්න අදහසක් නම් නෑ වගේ...
''බඳින්න ඕනි, බඳින්න කලින් තියෙනවා දේවල්...
නොහිතපු විදියට තාත්තා නැති වුණා.
ඉතින් ඒකත් එක්ක දැන් ගෙදර කට්ටියව බලාගන්න ඕනි.
සිංදු කරන්න ඕනි ආයෙමත්...''
(උපුටාගැනීම් : youtube )
328 Views
Comments