සද්දෙට දමා තිබූ කැසට් එක වැහුවැයි පියා මැරූ අජාසත් පුතා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

සද්දෙට දමා තිබූ කැසට් එක වැහුවැයි පියා මැරූ අජාසත් පුතා

සද්දෙට දමා තිබූ කැසට් එක වැහුවැයි පියා මැරූ අජාසත් පුතා

අධික ශබ්දයක් නැගෙන සේ ක්‍රියාත්මක කර තිබූ කැසට් යන්ත්‍රය ක්‍රියා විරහිත කළ බව කියන 64 හැවිරිදි පියාට පහර දී ඝාතනය කළේ යැයි කියන 26 හැවිරිදි පුතා දංකොටුව පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.


මෙසේ ඝාතනය කර ඇත්තේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ආනන්ද නමැති තිදරු පියෙකි.



පසුගිය තිස් එක් වැනිදා රාත්‍රී කාලයේ සැකකරු නිවසේ තිබූ කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන ආකාරයට ක්‍රියාත්මක කර තිබූ නිසා එහි ශබ්දය අඩු කරන ලෙස පියා පුතාට දැනුම් දී ඇතැයි කියති.

 

කැසට් යන්ත්‍රයේ ශබ්දය අඩු නොකළ නිසා පියා එය ක්‍රියා විරහිත කර දැමූ අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් මෙම පහරදීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.



පහර කා බිම ඇද වැටුණු පියා සැකකරු විසින්ම දංකොටුව රෝහලට රැගෙන ගොස් බාර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.



පියා නිවස ඉදිරිපිට පාරේ රැඳී සිටිය දී නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ පහර දුන් බව සැකකාර පුතා රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබිණි යැයි ද පොලීසිය පැවසීය.



මූලික ප්‍රතිකාර වලින් පසු ආනන්ද නමැත්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.



අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසා ආනන්ද නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද පොලිසියට හැකියාවක් තිබී නොමැත.

 


නාඳුනන කණ්ඩායමක් නොව පුතා විසින් සිය පියාට පහරදීමක් සිදුකර ඇති බවට දංකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවීර මහතාට තොරතුරක් ලැබී ඇත.

 

ලැබුණු එම තොරතුර ඔස්සේ පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත පියාට පහර දී මරා දැමූ බව කියන පුතා අත්අඩංගුවට ගනු ලැබීය.



අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී පියාට පහර දීමට හේතු වූ කරුණු හෙළි වී ඇතැයි කියති.

views

692 Views

Comments

arrow-up