හොඳහැටි සූර්වී පටන්ගත් හබය දෙදරු පියා මරු තුරුලට යවමින් නිමාවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

හොඳහැටි සූර්වී පටන්ගත් හබය දෙදරු පියා මරු තුරුලට යවමින් නිමාවූ හැටි

හොඳහැටි සූර්වී පටන්ගත් හබය දෙදරු පියා මරු තුරුලට යවමින් නිමාවූ හැටි

අධික ලෙස බීමත්ව සිටි මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමක් අතරතුර මුගුරකින් හිසට පහර දී තුවාල ලැබු පුද්ගලයකු ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබිණි. එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තුවාලකරු (30) දින උදෑසන මියගොස් තිබේ.

 

මෙසේ මියගොස් ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් නාගසේන වලගහවත්තේ පදිංචිව සිටි වී. බෙන්ජිමන් නමැති (41) හැවිරිදි දෙදරු පියෙකි.

 

මරණකරු සහ ඔහුගේ මිතුරා එකම වතු නිවාස පේලියක පදිංචි බවත් (29 දා) දින පස්වරුවේ දෙදෙනා අධික ලෙස බීමත්ව නිවසට පැමිණිමෙන් පසුව දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වීමෙන් පසු එය දුරදිග ගොස් පසු එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ. එහිදී අනෙක් මිතුරා මුගරකින් මරණකරුගේ හිසට පහර දී බරපතළ ලෙස තුවාල සිදු කිරීමෙන් පසු තුවාලකරු රෝහල් ගත කර තිබේ.

 

මරණකරුගේ බිරිඳ විදේශ රැකියාවක නිරතව සිටින බවත්, ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ මිත්‍රයා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ලිදුල පොලිසිය පැවසීය.

 

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. ඝාතනය සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

379 Views

Comments

arrow-up