ලක්ෂ 300ක කුඩු ඇල්ලූ විශේෂ කාර්ය බලකා මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

ලක්ෂ 300ක කුඩු ඇල්ලූ විශේෂ කාර්ය බලකා මෙහෙයුම

ලක්ෂ 300ක කුඩු ඇල්ලූ විශේෂ කාර්ය බලකා මෙහෙයුම

මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ මෙහෙයුමකදී රුපියල් කෝටි 3 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවකු පෙරේදා (29) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

 

කිලෝග්‍රෑම් 3 යි. ග්‍රෑම් 394 ක බරින් යුත් මෙම හෙරොයින් තොගය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීමට නියමිතව තිබූ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. සැකකරු 28 හැවිරිදි වියේ පසුවන මන්නාරම පහන්කට්ටිකුට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

 

මෙම හෙරොයින් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.

views

252 Views

Comments

arrow-up