නිවසේ විදුලි බිල ගෙවන්න නිවසක් සුද්ද කරලා - මුදල් සමසේ බෙදාගත් දෙදෙනා මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

නිවසේ විදුලි බිල ගෙවන්න නිවසක් සුද්ද කරලා - මුදල් සමසේ බෙදාගත් දෙදෙනා මාට්ටු වූ හැටි

නිවසේ විදුලි බිල ගෙවන්න නිවසක් සුද්ද කරලා - මුදල් සමසේ බෙදාගත් දෙදෙනා මාට්ටු වූ හැටි

අඟුරුවාතොට කුරුඳුවත්ත ප්‍රදේශයේ දී නිවසක රුපියල් ලක්ෂ 5.25 කට අධික වටිනාකමකින් යුත් රත්රන් බඩු කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුවර ප්‍රදේශයේ වයස 48 සහ ඈගල්හේන ප්‍රදේශයේ 46 වයස්වල පුද්ගලයන් දෙදෙනෙකි.

 

ඉකුත් ඉරිදා (28) පාන්දර අඟුරුවාතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ අදාළ නිවසේ නිවැසියන් අනුරාධපුරය බලා ගොස් ඇත. ඔවුන් එදිනම රාත්‍රී නැවත නිවස බලා පැමිණ ඇත. එම අවස්ථාවේ ඔවුන්ට දැක ගැනීමට හැකි වී ඇත්තේ තම නිවස හොරුන් විසින් කඩා රත්රන් බඩු කොල්ලකා ඇති බවයි. පසුව එම නිවැසියන් විසින් එදින රාත්‍රියේම පොලිසියට පැමිණිලි කර ඇත.

 

ඉන් පසු පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සැකකරුවන් දෙදෙනා ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද රත්තරන් කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ රත්තරං බඩු අලෙවි සැලකට උගස්කර 3,60,000ක් ලබාගෙන ඇත. එය දෙදෙනා අතර සමසේ බෙදා ගනිමින් එක් පුද්ගලයකු තම නිවසේ විදුලි බිල සහ උගස් කර තිබූ රත්තරන් බඩු බේරාගෙන ඇත.

 

අනිත් පුද්ගලයා තම යතුරුපැදිය සඳහා අමතර කොටස් මිලදී ගෙන ඇත. පොලිසිය විසින් දෙදෙනා ළඟ තිබී ලක්ෂ දෙකක මුදලක් සොයා ගෙන ඇත.

views

264 Views

Comments

arrow-up