ඉන්දීය සුපිරි නිළි සමන්තා රූත් ප්‍රභූගේ පියා ජෝසප් ප්‍රභූ දිවිගමන හැරයයි

ඉන්දීය නිළි සමන්තා රූත් ප්‍රභූගේ පියා, ජෝසප් ප්‍රභූ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පියාගේ අභාවය සම්බන්ධයෙන්, සමන්තා සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සටහනක් ද තබා තිබුණා.
ඔහුගේ මරණයට හේතුව පිළිබඳ අනාවරණය වී නොමැත.
ජෝසප් ප්‍රභූ තෙළිඟු, ඇන්ග්ලෝ-ඉන්දියානු ජාතිකයෙකි.
සමන්තා රූත් මෙතෙක් තමා පැමිණි ගමන පුරාවට, සිය පියා ඇතුළු සමස්ත පවුලෙන් ලද සහයෝගය පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන තාරකාවක් ලෙස ප්‍රසිද්ධය.
නමුදු ඔහු සමන්තා සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ, කලාතුරකිනි.
232 Views
Comments