ලංගම බසෙන් ඩීසල් ඇද්ද පොහොට්ටු සභාපති මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

ලංගම බසෙන් ඩීසල් ඇද්ද පොහොට්ටු සභාපති මාට්ටු වූ හැටි

ලංගම බසෙන් ඩීසල් ඇද්ද පොහොට්ටු සභාපති මාට්ටු වූ හැටි

ඉතා සූක්ෂමව සැකසූ යතුරුපැදියක ටැංකියට ලංගම ඩිපෝවෙන් හොරකම් කළ ඩීසල් කාලයක් තිස්සේ රැගෙන ගිය බව කියන ජාවාරමක් කොටුකර ගැනීමට ශ්‍රි ලංගම රුහුණු ප්‍රාදේශීය ආරක්ෂක අංශය සමත් වූ බව අකුරැස්ස ලංගම ඩිපෝව කියයි.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අකුරැස්ස ලංගම ඩිපෝවේ කාර්මික ශිල්පියකු වූ 48 හැවිරිදි විල්පිට පදිංචි දෙදරු පියෙකි.


සැකකරු ලංගම ඩිපෝවේ පොදුජන එක්සත් පෙරමුණු සමිතියේ සභාපතිවරයා බවත් ඩිපෝවේ උසස් නිළධාරියකු පැවසීය.


ගමන්වාර අවසන් කොට පැමිණෙන බස් රථවලට ඉන්ධන පුරවා සීල් තබා ගරාජයේ ගාල් කර තබා පසුදින ධාවනය වෙමින් පවතිද්දී අතරමග නතරවීම ක්‍රමයෙන් වැඩි වෙද්දී ඉන්ධන සොරකමක් සිදුවන බවට පාලනාධිකාරිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.


ඩීසල් සොරකම් කළත් ඒවා සූක්ෂමව එළියට ප්‍රවාහනය කරන්නේ කෙසේද යන්න ආරක්ෂක අංශ පවා දැඩි විමතියට පත්ව තිබූ බවත් ඔවුහු පවසති.


සූක්ෂමව සකස් කළ යතුරුපැදිවල ටැංකියට ඩීසල් පුරවාගෙන රාත්‍රී වැඩමුරය අවසන් වී නිවෙස් වෙත ගමන්ගනිද්දී මෙසේ ප්‍රවාහනය වෙන බවට තොරතුරු අනාවරණය කරගත් ආරක්ෂක අංශය රුහුණු ප්‍රාදේශීකයේ ප්‍රධාන ආරක්ෂක කළමනාකරු ඇතුළු කණ්ඩායමක් ප්‍රධාන පිවිසුම් අසල අළුයම රැකවල් ලා එක් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම ජාවාරම සොයා ගැනීමට ඔවුහු සමත්වූහ.


නිවෙස වෙත ගමන් කිරීමට ප්‍රමාණවත් පෙට්‍රල් ‍යතුරු පැදියේ අසුන යට කුඩා ප්ලාස්ටික් බෝතල් දෙකක් මගින් එංජිමට යැවීමට සලස්වා එහි ප්‍රධාන ටැංකිය ඩීසල් ප්‍රවාහනය කිරීමට යොදාගෙන ඇති බවයි ඔවුහු අනාවරණය කරගෙන ඇත්තේ.


මේ අයුරින් සැකසූ තවත් යතුරුපැදි කීපයක් තිබෙන බවත් ඒවා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදුකරන බවත් ආරක්ෂක අංශය කීය.


රුහුණු ප්‍රාදේශීකයේ ප්‍රාදේශීය කළමනාකරු ආර්’ ඒ ප්‍රභාත් කුමාර මහතාගේ උපදෙස් මත අකුරැස්ස ඩිපෝ කළමනාකරු බිමල් දනුෂ්ක මහතා විමර්ශන සදහා සහයෝගය හා උපදෙස් ලබා දී තිබුණි.


අත්අඩංගුවට ගත් ඩීසල් ප්‍රවාහනයට සැකසූ යතුරුපැදිය ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් සමග සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අකුරැස්ස පොලීසිය භාරයට පත් කර තිබෙන අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

274 Views

Comments

arrow-up