ළැගුම්හල් කාමරයේ කාන්තා මළ සිරුර තබා පුරුෂයා අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

ළැගුම්හල් කාමරයේ කාන්තා මළ සිරුර තබා පුරුෂයා අතුරුදන්

ළැගුම්හල් කාමරයේ කාන්තා මළ සිරුර තබා පුරුෂයා අතුරුදන්

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඝාතනය කර තිබී හමුව තිබේ. ඊයේ (23) සවස පුරුෂයෙකු පැමිණ මෙහි ාතනය කිරීමෙන් අනතුරුව බවටත් සැක කෙරේ.


ලැගුම්හලේ ඇඳක් මත මෙම කාන්තාව මියගොස් සිටි අතර මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් බවට සාක්ෂි ලැබී ඇත.


හෝටලයට ලබාදී ඇති දත්ත අනුව කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ මෙම හෝටලයේ කාමරය වෙන්කරගෙන නතර වී ඇත. අද උදෑසන මෙම කාන්තාව එම කාමරයට පැමිණි පසුව අද සවස 4.30 ට පමණ එහි සිටි පිරිමි පුද්ගලයා අසාමාන්‍ය ආකාරයෙන් එළියට යාම හේතුවෙන් ඇතිවූ සැකයක් මත හෝටල් සේවකයන් විමසිලිමත් වී තිබේ.

 

කාමරයේ දොර විවෘත වී තිබී ඇති අතර සේවකයෙකු සිදු කළ සොයා බැලීමකදී ලේ පැල්ලම් දැක බණ්ඩාරවෙල පොලිසියට දැනුම්දී පරීක්ෂාවක් සිදුකරවා ඇත.


පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමක් සහ වස වර්ගයක් පානය කිරීමක් සිදුවී ඇති බව හඳුනාගෙන ඇත.


සැකකරු විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද පොලිසියට හමුවී ඇති අතර එය මාධ්‍ය වෙත තවම අනාවරණය කර නැත.


මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දියතලාව රෝහලට රැගෙන යාමට නියමිතයි.


බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙයි.

views

440 Views

Comments

arrow-up