“මෙතන වෙන වැදගත් මිනිස්සු නැද්ද? රන්ජන් විතරද ඉන්නෙ?” - රනිල් සැප සැටියේ ඉඳගෙන, සන්නාගේ කනට කරලා කියපු රහස
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

“මෙතන වෙන වැදගත් මිනිස්සු නැද්ද? රන්ජන් විතරද ඉන්නෙ?” - රනිල් සැප සැටියේ ඉඳගෙන, සන්නාගේ කනට කරලා කියපු රහස

“මෙතන වෙන වැදගත් මිනිස්සු නැද්ද? රන්ජන් විතරද ඉන්නෙ?” - රනිල් සැප සැටියේ ඉඳගෙන, සන්නාගේ කනට කරලා කියපු රහස

'උපුල් ශාන්ත සන්නස්ගල'.... (ඔව් ඒ එයා.... 'අපේ සිංහල පන්තියේ' නිර්මාතෘවරයා...) උපුල් ශාන්ත කියන්නෙ ලංකාවේ 'ටියුෂන් කර්මාන්තය' වෙනස් කරපු 'දැවැන්තයෙක්.' (ඒක එහෙම වෙන්නෙ සෝශල් මීඩියාවත් ජනප්‍රිය නොවුණු කාලෙක..)



ඉන් එහා 'සන්නස්ගල' රූප පෙට්ටියෙත් නිතරම පෙණුනු 'හුරුපුරුදු' කෙනෙක් වුණා. ඔහු 'ඡන්ද සටන' ඇතුළේ 'පරාජීතයෙක්' වුණා වුණත් 'ටියුෂන්' ඇතුළේ 'ජයග්‍රාහකයෙක්' වුණා. (අදටත් ඔහු ගැන කියන උනුන්ගේ 'වරුණා' ඒ ගැන කියන්න හොඳටම ප්‍රමාණවත්...)



සන්නා' ගොඩක් වෙලාවට පිළිගැනෙන්නෙ 'වාචාලයෙක්' විදිහට. (ඒක 'සන්නා'ම කියනවා.) හැබැයි ඒ 'වාචාලකම' ඇතුළේ 'සන්නා' නිතරම 'අවංකයෙක්' වුණා. තමන්ට සමීප එකාලා එක්ක සිදුවන 'සජීව සංවාද' පවා ඔහු විවෘතව කියන්න ගන්නවා. තමන්ගේ 'කර්මාන්තය' ඇතුළෙ ම වෙන 'අසාධාරණකම්' ගැන වුණත් 'නිහඬව නොහිඳ' හඬ නඟන පුරුද්දක් ඔහුට තිබුණා.



මේ 'විවෘත සන්නිවේදකයා' දැන් සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රියයි. විශේෂයෙන්ම යූටියුබ් නාලිකා කිහිපයක් හරහා ම ඔහු සුවිශේෂී වැඩසටහනක් කිහිපයක් සිදු කරමින් ඉන්නවා.
 


ඉන්...... ඔහු තමන්ට සමීප 'දේශපාලනික' චරිත කිහිපයක් ගැනම 'යුටියුබ්' නාලිකාව හරහා ප්‍රකාශ කර තිබුණා.



මේ ඔහු 'රන්ජන් රාමනායක' කියන ලාංකීය සිනමාවේ 'අතිශය ජනප්‍රියතමයා' ගැන වරක් කියූ කතාවක්.



'2015 මට මතකයි, මට උදේ ආරංචි වුණා අද 'ලොක්කා'ගේ (රනිල්ගේ) බර්ත්ඩේ එක කියලා. මම නිකන් කෝල් එකක් ගත්තා, මම කිවුවා, හැපි බර්ත්ඩේ සර්' කියලා. 'ආ... මේ පැත්තෙ එන්නකෝ කේක් කෑල්ලක් කන්න' කියලා කිවුවා. මමත් ඉතින් ගියා. අරලිය ගහ මන්දිරයට යද්දි මරික්කාර් එළියේ මළපැනලා ඉන්නවා. ඇයි දන්නවද? මූ ටීෂර්ට් එකයි සෙරප්පු දෙකයි දාගෙන ගිහින්. බැනලා එළව්වලූ, හරියට ඇඳන් එනවා කියලා. මම පොර ගැන දන්න නිසා මම ටයි එකක් පවා දාගෙන ගියා.'



'තානාපතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු.... ඉන්නවා.. මෛත්‍රී වික්‍රමසිංහ ඉන්නවා සෑහෙන සෙනඟ... මම ඉතින් ගිහින් කිරිබත් කෑල්ලක් එහෙම කාලා ඉන්නකොට, රන්ජා ඉන්නවා. කයියක් ගහන්න පුළුවන් එකෙකුට ඉන්නෙ ඌ විතරයි. අපි දෙන්නා ඉතින් හයියෙන් කතා කරනවා. රනිල් වාඩිවෙලා හිටියා සැටි එකේ. රනිල් මට ළඟට කතා කරලා අහක බලාගත්තා. මට කියනවා, 'ඔතනින් වාඩිවෙන්න' කියලා. රනිල් අහක බලාගෙනම මට කියනවා, 'මෙතන වෙන වැදගත් මිනිස්සු නැද්ද? ගිහිල්ලා වැදගත් කෙනෙක් එක්ක කතා කරන්න' කියලා. ඒ නොකියා කිවුවේ රන්ජන් ගැන. එදා තමයි මම දැනගත්තෙ රනිල්, රන්ජන් ගැන කියවපු විදිහ...'

 

views

299 Views

Comments

arrow-up