“ජිමී කාටර්ට අවුරුදු 100යි” - සියවසක් සම්පූර්ණ කළ ප්‍රථම හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

“ජිමී කාටර්ට අවුරුදු 100යි” - සියවසක් සම්පූර්ණ කළ ප්‍රථම හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා

“ජිමී කාටර්ට අවුරුදු 100යි” - සියවසක් සම්පූර්ණ කළ ප්‍රථම හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා

අමෙරිකාවේ හිටපු ජනාධිපති, ජිමී කාටර් ඔක්තෝබර් 01 ඔහුගේ සියවැනි ජන්ම දිනය සැමරුවා.

 

ඒ, අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු ලෙස සිය වසරක් සම්පූර්ණ කළ පළමු වැනියා බවට පත්වෙමින්.

 

1924 ඔක්තෝබර් 01 දින උපත ලද මේ වන විට තරමක අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන ඔහු, ජෝජියා ජනපදයේ පිහිටි සිය නිවසේ දී පවුලේ සාමාජිකයන් සමඟ මෙම සුවිශේෂී උපන්දිනය සැමරූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

ජිමී කාටර් ඔහුගේ ජීවිත කාලය තුළ සහ ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ඇදහිය නොහැකි බොහෝ සේවාවන් ඉටුකළ අයෙක් ලෙස ප්‍රකටය. නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීම, ලොව පුරා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, මනුෂ්‍යත්වය සඳහා මූලිකව ක්‍රියා කිරීම ඉන් කිහිපයකි.

 

ඒ අනුව ඔහු 1977 සිට 1981 දක්වා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස සේවය කළ මානව හිතවාදියෙක් ලෙස ප්‍රකටය.

 

ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඔහු 1971 සිට ජෝර්ජියාවේ 76 වැනි ආණ්ඩුකාරවරයා ද විය.

views

181 Views

Comments

arrow-up