“රට දැය සමය සුරකින වියතෙකු වේවා, සුභ සෙත පුතුගෙ දිවියට නිති ලං වේවා” - රොෂාන්ගේ පුතු මිනෙත් උපන්දිනය සැමරූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

“රට දැය සමය සුරකින වියතෙකු වේවා, සුභ සෙත පුතුගෙ දිවියට නිති ලං වේවා” - රොෂාන්ගේ පුතු මිනෙත් උපන්දිනය සැමරූ හැටි

“රට දැය සමය සුරකින වියතෙකු වේවා, සුභ සෙත පුතුගෙ දිවියට නිති ලං වේවා” - රොෂාන්ගේ පුතු මිනෙත් උපන්දිනය සැමරූ හැටි

රොෂාන් රණවන කියන්නෙ එදා සිට මේ දක්වාම සිය කඩවසම් රූපයෙන් ,දක්ෂතාවන්ගෙන් සේ ම ජනප්‍රියත්වයෙන් කාගෙත් ආදරය ආකර්ෂණය දිනූ රංගන ශිල්පියෙක්.

 

නමුත් දැන් දැන් රොෂාන් දිනූ ඒ ආකර්ෂණය, පුංචි හොරෙක් හොරකම් කරන්න පටන් අරන් වගේ.

 

ඒ තමයි මිනෙත්. එහෙමත් නැත්නම් රොෂාන් - කුෂී දෙන්නගෙ ආදරණීය පුතු පැටියා.

 

හුරතලය පුරවගෙන සිය දස්කම් විදහා පාන පුංචි මිනෙත්ට ආදරේ කරන සෑහෙන පිරිසක් ඉන්නවා.

 

ඉතින් අද මේ පුංචි තරුව එයාගෙ පස්වෙනි උපන්දිනය සමරනවා.

 

 

පුතුගේ උපන්දිනය වෙනුවෙන් අම්මයි තාත්තයි හරි ආදරණීය සුබපැතුමක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.

 

අප දිවි මගේ මහ හිඩැසක් පුරවාන

අරුම පුදුම දස් විස්කම් පෙන්වාන

අත් පොළසන් හඬට රුචියෙන් දඟ පාන

දින දින වැඩේ කිතු ගොස මැද කුමරාන

සිත ගත නිවන නුඹෙ මදහස මහ මෙරකී

මන දොළ පිනන ඔබෙ ගී හඬ අමයුරකී

සත වෙත කුළුණු සිත් ඇති ඔබ මට රජෙකී

පුත නුඹ සිටින තැන අප හට සුර පුරකී

මනු සත් ගුණෙන් පුත නුඹ නිති වොරැඳේවා!

රට දැය සමය සුරකින වියතෙකු වේවා!

සුභ සෙත පුතුගෙ දිවියට නිති ලං වේවා!

පස් වෙනි වියට සුභ පැතුමන් ඉතිරේවා!

අම්මා සහ තාත්තා ගෙන් උපන්දින ආසිරි !!!

2024 සැප්තැම්බර් 26''

 

views

333 Views

Comments

arrow-up