“අපෙ නයියා ඩෑඩ්ට අපි හත් දවසෙත් දීලා හීල් දානෙත් දුන්නා” - වෙඩි ප්‍රහාරයෙන් මියගිය නයන වාසුල වෙනුවෙන් කලදේ ගැන සුජීවාගේ දියණිය කට අරී

මීට මාස කිහිපයකට ඉහත වඩාත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ දී වුණු වෙඩි තැබීමේ සිද්ධිය.
නාඳුනන තුවක්කුකරුවන් දෙන්නෙක් විසින් කළ ඒ වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය බව ඔබට මතක ඇති.
එතැනදී ජනප්‍රිය ගායන ශිල්පිනි, කේ. සුජීවාගේ කකුලකටත් වෙඩි වැදිලා තිබුණා.
එහෙම වෙඩි වැදුණු ඇය, කාලයක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලබලා මේ වෙද්දි සිය නිවසේ විවේකීව කාලය ගත කරමින් පසුවෙනවා.
කේ. සුජීවාත් ඇගේ දියණියන් දෙදෙනාත් සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිත ත්‍රිත්වයක්නෙ.
ඒ නිසාම කවුරුත් නොඉවසිල්ලෙන් පසුවෙනවා 'කේ. සුජීවාට දැන් කොහොමද' කියන කාරණය ගැන තොරතුරු දැනගන්න.
ඉතින්, සුජීවාට ආදරේ කරන ඒ කවුරුත් වෙනුවෙන් අංජලී සිය යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කාසු කරලා තිබුණා.
ඒ, වීඩියෝව තවත් සුවිශේෂී වුණේ ඇය අම්මාව ප්‍රතිකාර සඳහා රැගෙන යන මොහොතක කළ වීඩියෝවක් වීම නිසාවෙන්.
ප්‍රතිකාරවලින් පස්සෙ අංජලී කාටත් කිව්වෙ, තුවාලය තරමක් විශාල වීම නිසා ම සුව වෙන්න කාලයක් ගතවන බවක්.
නමුත් තිබුණු තත්ත්වයට වඩා 80%ක් විතර මව සුවෙන් පසුවන බවත් අංජලී කියලා තිබුණා.
ඒ වගේම මාසයක විතර කාලයක් මේ කෙරෙන සුපුරුදු ප්‍රතිකාරවලින් පස්සෙ තවත් ශල්‍යකර්මයක් සිදුකළ යුතු බවත් ඇය වීඩියෝවේදී කියනවා.
ඒත් එක්කම කකුලට අවශ්‍ය ව්‍යායාම කරන බවත්, කකුල ඉවත් නොකර කෙසේ හෝ සුවකරගන්න තෝරාගැනීම අසීරු ම කාර්යයක් වුණත්, කෙසේ හෝ එය සාර්ථක කරගන්නා බවත් ඇය විශ්වාසයෙන් කාටත් කියලා තිබුණා.
ක්ලබ් වසන්ත එක්ක වෙඩි වැදී මිය ගිය අනෙක් පුද්ගලයා වුණේ නයන වාසුල.
පසුව කතාබහට ලක්වුණා, ඔහු කේ. සුජීවාගේ සැමියා වන බව.
ඉතින්, අංජලී සිය වීඩියෝවේදී ඔහු ගැනත් මතක් කරලා. ඒ, ඇතැම් පිරිසක් නඟන විවේචනයන්ට උත්තරයක් හැටියට.
''කට්ටියක් කිය කිය හිටියා හත් දවසෙ දානෙවත් දුන්නද කියලා අපෙ නයියා ඩෑඩ්ට.
අපි හත් දවසෙත් දීලා හීල් දානෙත් දුන්නා.
අපි එව්වා කොහෙවත් දාන තත්ත්වෙක නෙවෙයි හිටියෙ.
මේ සිද්ධියෙන් අපි දැනගත්තා මොනව වුණත් අපි එක්ක ම ඉන්න සෙට් එකක් ඉන්නවා කියලා...''
ඒත් එක්ක ම මියගිය නයන වාසුලගේ උපන්දිනය වෙනුවෙන් අංජලී තබන ලද සටහනකුත් මේ විදියට අපිට දකින්න ලැබුණා.
292 Views
Comments