09 ශ්‍රේණියේ සිසුවාව අපයෝජනය කළ සුරූපී ගුරුවරිය මවගේ පැමිණිල්ලෙන් පසු හසුවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

09 ශ්‍රේණියේ සිසුවාව අපයෝජනය කළ සුරූපී ගුරුවරිය මවගේ පැමිණිල්ලෙන් පසු හසුවූ හැටි

09 ශ්‍රේණියේ සිසුවාව අපයෝජනය කළ සුරූපී ගුරුවරිය මවගේ පැමිණිල්ලෙන් පසු හසුවූ හැටි

දාහතර හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළබව කියන වවුනියාව ප්‍රදේශයේ පාසලක ඉගැන්වීම් කටයුතු කළ තරුණ ගුරුවරියක පෙරේදා (24) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

සිය පුත්‍රයාට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් දරුවාගේ මව වවුනියාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර පුහුණු ගුරුවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

 

සැකකාරිය අවස්ථා කිහිපයකදී පාසල් සිසුවා ඇය රැඳී සිටින නිවස වෙත ගෙන්වාගෙන ඇති අතර, එහිදී ඇය දරුවා බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි ද පොලිසිය සඳහන් කළා.

 

ගුරුවරිය සේවය කළ පාසලේ ඉගෙනුම ලැබීම හේතුවෙන් දරුවාට නිරන්තරයෙන් ගුරුවරිය අයුතු බලපෑම් කරමින් විවිධ ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බවත්, එම සිදුවීම් ඉවසාගත නොහැකිව දරුවා සිය මවට ගුරුවරියගේ හිංසාවන් පිළිබඳ ප්‍රකාශ කොට ඇති බව පොලිසිය පැවසුවා.

 

පොලිසිය පැවසූයේ දරුවා ඉගෙනුම ලැබූ පාසලට ගුරුවරිය පුහුණු පීඨ ගුරුවරියක ලෙස පැමිණ ඇති අතර, පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දරුවා සමඟ මිතුරුවී ලිංගික අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

 

අපයෝජනයට ලක්වූ පිරිමි දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

views

227 Views

Comments

arrow-up