“අදට ඔයා අපිව අතහැරලා ගිහින් අවුරුදු හතක්... අදත් හෙටත් හැමදාමත්... අපි උඹට ආදරෙයි” - දසුන් නිශාන් වෙනුවෙන් පළවූ සටහන් (PHOTOS)

2017 සැප්තැම්බරය.... ඒ තමයි මෙරට පුංචි තිරයට වගේම සිනමාවට අනාගතයේ පායන්න උන්නු 'කඩවසම් තරුවක්' සදහට ම අහිමිව ගිය කාල වකවානුව.
ඒ වෙද්දිත් ඔහු උන්නෙ ජනප්‍රියත්වයේ ඉහළට ම යන, සාර්ථක ගමනක.
නමුදු ඔහුගේ ගමන අවසානයක් දකින්නෙ කිසිවෙක් කිසිදා ප්‍රාර්ථනා නොකළ අන්දමට.
'දසුන් නිශාන්'
සුන්දර ම හිනාවකට උරුමකම් කියූ ඒ කඩවසම් රංගන ශිල්පියා නික්ම ගිහින් අදට අවුරුදු 7 ක්.
සියදිවි නසාගැනීමක් මැයෙන් වඩාත් කතාබහට ලක්වුණු දසුන්ගේ මරණය, මේ මොහොත වෙද්දිත් අහන දකින කාටත් හද පාරවන වේදනාවක් බැව් නොරහසක්.
ඒ තරමට ඔහු අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන උන්නා.
ප්‍රේක්ෂක පිරිස අතර විතරක් ම නෙවෙයි, දසුන් නිශාන් කියන්නෙ සිය සමකාලීන කලා තරු අතරත් 'හොඳ හිත' දිනාගත්ත කොල්ලෙක්.
ඒකමයි, අවුරුදු ගණනින් කොච්චර කාලය ඉගිලිලා ගියත් ඔහුගේ මතක තාමත් මේ අලුත් වෙන්නෙ.
''කාලය විසින් තීරණය කරාවි හැමදේ...
දසුන් අයියා අදට ඔයා අපිව අතහැරලා ගිහින් අවුරුදු හතක්...
අදත් හෙටත් හැමදාමත්...
අපි උඹට ආදරෙයි අයියා...''
''ආදරණීය දසුන්
අදට අවුරුදු 7 ක් වුණා මගේ යාළුවා
ඒ මිතුදම මතක් වෙද්දි අදටත් මට හද පාරන වේදනාවක්....''
මිනිස්සු ගන්න සමහර තීරණවලට හේතු දන්නෙ ඒ මිනිස්සු ම විතරයි. අවාසනාව නම්, 'ඇයි එහෙම කළේ' කියලවත් අහන්න ආයෙම ඉඩක් ඉතිරි නොකර ඔවුන් නික්ම යාමයි. දසුන්ගේ ගමනත් හරියට ඒ වගේ....
'දසුන් නිශාන් ද සිල්වා වන මාගේ සිය දිවි හානිකර ගැනීම මා විසින් මා මාගේ උවමනාවට සිදු කර ගන්නා නිසා මේ සඳහා කිසිම පුද්ගලයෙකු වගකීමට අවශ්‍ය නැත. මං මගේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා මෙම තීරණය ගනිමි.' (ඔහුගේ අවසන් ලිපිය...)
දසුන් එහෙම ලියලා ගියා වුණත්, කාලයා විසින් ඔහුගේ නික්ම යාමට විවිධ වූ අර්ථ කථන නිර්මාණය කරලා තිබුණා.
ඒවයෙ ඇත්ත නැත්ත දන්නෙ දසුන් ම විතරයි.
අසීමාන්තික වේදනාවක් 'ඉවසා වදාරාන්නට' නොහැකි තැන ඔහු තීන්දුවක් ගත්තා නම් ඒ 'තීන්දුවේ' අයිතිය ඔහුට ම මිසක වෙන කාටද ?
කොහොම නමුත් සියල්ල අවසන, දස්කම් පුරවාගත්තු දස්සාගෙ නික්ම යාම එදාටත් වඩා අදට දැනෙන බව නම් කිව යුතුමයි.
මන්ද, ඒ රුව සහ හැකියාවන් අද ඔහුව තියන තැන අපිටවත් හිතාගන්න බැරි නිසාවෙන්.
229 Views
Comments