තරඟවලින් දිනුවත් ඔහු පිළිකා මාරයා හමුවේ පරාජිතයෙක් - ජීවිතයෙන් යන්නම ගිය සටන් බිමේ වීරයා

1990 ගණන්වල කීර්තියට පත් වූ හිටපු WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිළිකා රෝගය සමඟ කළ දිගු සටනකින් පසු ඔහු මෙලෙස 64 හැවිරිදි වියේ දී අවසන් ගමන් ගිය බවයි ඔහුගේ පවුලේ පිරිස් නිවේදනය කර තිබුණේ.
Sid Justice, Sid Vicious සහ Sycho Sid මැයෙන් කතාබහට ලක් වූ ඔහු එවකට වඩාත්ම බලගතු සහ බිහිසුණු තරගකරුවෙක් ලෙස ප්‍රකටය.
1960 වසරේ එක්සත් ජනපදයේ ආකැන්සාස් හි උපත ලද Sid Eudy මල්ලවපොර පිටියට පිවිසියේ 1989 දී ලෝක ශූරතා මල්ලවපොර (WCW) තරඟාවලියට සම්බන්ධ වීමෙනි.
282 Views
Comments