අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රටක්.. සෑම පසුබෑමකදීම ශක්තිමත්ව නැගී සිටින්න අපිට පුළුවන්” - කප් එක ගහන හැටි ගැන චමරි කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රටක්.. සෑම පසුබෑමකදීම ශක්තිමත්ව නැගී සිටින්න අපිට පුළුවන්” - කප් එක ගහන හැටි ගැන චමරි කියූ කතාව

අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රටක්.. සෑම පසුබෑමකදීම ශක්තිමත්ව නැගී සිටින්න අපිට පුළුවන්” - කප් එක ගහන හැටි ගැන චමරි කියූ කතාව

අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රටක්.. ඒ විතරක් නෙවෙයි, සෑම පසුබෑමකදීම ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් හැකියාවක් අපේ ක්‍රිකට් තරු සතුව පවතිනවා..

 

 චමරි මේ කියන්නෙත් අන්න ඒ වගේ කතාවක් වෙන්න ඇති.. ක්‍රිකට් ක්‍රීඩාව ඉතා අවි­නි­ශ්චිත ක්‍රීඩා­වක් බවත්, තරග පැවැ­ත්වෙන ඇතැම් දින ව­ලදී කණ්ඩා­ය­මට අවශ්‍ය දේ සිදු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත­පත්තු පවසනවා..

 

දැනට අමෙ­රි­කාවේ විස්සයි20 ලෝක කුස­ලා­න­යට සහ­භා­ගීවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉදිරි තරග ජය­ග්‍ර­හ­ණය කිරීම වෙනු­වෙන් සියලු දෙනා සුබ පැතුම් එක්කළ යුතුව ඇතැයි ඇය මෙහිදී කියා සිටියා..

 

එසේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්ව­ය­කට ගෙන ඒමට හැකි වූයේ සියලු දෙනාගේ කැප­වීම හේතු­වෙන් බවයි චමරි මෙහිදී කියා සිටියේ... එමෙන්ම කණ්ඩා­යම තුළ අසු­බ­වාදී දේ කතා කිරීම සියලු ක්‍රීඩි­කා­වන්ට හා කාර්ය මණ්ඩ­ල­යට තහ­නම් කොට තිබී­මත් සාර්ථ­ක ත්ව­යට හේතුවක් බව ඊයේ කොළ­ඹදී පැවති මාධ්‍ය හමු­ව­ක­දී ඇය පෙන්වා දුන්නා...

 

"කාන්තා ලෝක කුස­ලා­න­යට පෙර අපට තරග 6ක් තිබෙ­නවා... එයින් 5ක් දිනා ගත්තොත් සෘජු­වම ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබන්න පුඵ­වන්. අපට හොඳ යොවුන් ක්‍රීඩි­කා­වන් ඉන්නවා. විශ්මි ගුණ­රත්න, කවීෂා දිල්හාරි, හර්ෂිතා, නිලක්ෂි පැහැ­දිලි අනා­ග­ත­යක් ඇති ක්‍රීඩි­කා­වන්...පසු­ගිය වසර එක­හ­මා­රක කාල­ය­කදී එංග­ල­න්තය, නව­සී­ල­න්තය, දකුණු අප්‍රි­කාව පරා­ජය කළා. මේ තර­ගා­ව­ලි­යත් ඉතා හොඳින් අව­සන් කිරී­මට සූදා­නම්“ චමරි පැවැ­සූ­වා..

 

“පසු­ගිය විස්සයි20 ලෝක කුස­ලා­න­යේදී අපට අව­සන් පූර්ව වට­යට එන්න බැරි වුණා.. මෙවර ලෝක කුස­ලා­න­යට පෙර අපට තරග 12ක් තිබෙ­නවා.. කොදෙව්වන් සමඟ තරග 3ක්, අය­ර්ල­න්තය සමඟ තරග 2ක් හා ආසියානු කුස­ලා­න­යේදී තරග 7ක් ලෝක කුස­ලා­න­යට පෙර තියෙ­නවා.. බංග්ලා­දේ­ශයේ ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන නිසා දඟ පන්දු­වට තර­මක් වාසි ලැබෙයි... අපේ දඟ පන්දු යැවීමේ අංශය හොඳයි.. පිති­ක­ර­ණය තව ටිකක් දියුණු මට්ට­මට ගෙන ආ යුතුයි. අපේ ක්‍රීඩි­කා­වන් හොඳ කැප­වී­මක් කර­නවා"

 

තම කණ්ඩායමේ සාර්ථකත්වය ගැන චමරි මෙහිදී වැඩිදුරටත් කිව්වේ මෙන්න මෙහෙමයි.. 

views

286 Views

Comments

arrow-up