ඒ දවස්වල රිදී තිරය හැඩකල “පුංචි සුරංගනාවි” තවත් “පුංචි සුරංගනාවියක්”ව කැන්දන් එන්න දින ගනිමින් එක් කල අපූරු ඡායාරූප පෙළ (PHOTOS)

'යුද්ධය' ගැන හරි හැටි තේරුමක් නැති කුඩා කාලයේ යුද්ධයේ දරුණු බව අපේ පොඩි මනසට කාවැද්දූ සිනමා සිත්තම,''සරෝජා''
ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වුණු සරෝජා හි කාටත් දැනුණු 'පුංචි සරෝජාට' පණ දුන්නේ, නිත්‍යවානි කන්දසාමි.
නමින් ඈ නිත්‍යවානි කන්දසාමි වුණත් චිත්‍රපටයෙන් පසු ඈ සදාකාලිකවම ''සරෝජා'' ම වුණා.
ඒ නිසාම අදටත් ඈව කවුරු අතරත් ජනප්‍රිය, සරෝජා ලෙසින්මයි. නිත්‍යවානි කියන්නෙ අති දක්ෂ ළමා නිළියක්. ඒ බව මනාව සනාථ වුණු තවත් තැනක් තමයි ''පුංචි සුරංගනාවි''
සෝමරත්න දිසානායකයන්ගේම අධ්‍යක්ෂණයක් වුණු එහි ඇගේ චරිතය නම් වුණේ, ''සත්‍යා'' මැයෙන්.
එයාකාරයෙන් කලාව එක්ක කතාබහට ලක්වුණු ඇය පසුකාලීනව නිර්මාණ ඔස්සේ දකින්න ලැබුණේ නැති තරම්.
ඈ සිය අධ්‍යාපන කටයුතු එක්ක කාර්යබහුලව ඇති විත්තියත් පසුව ඇය විවාහ වුණු බවත් අහන්න දකින්න ලැබුණා.
ඒ අනුව එදා කාගෙත් ආදරේ දිනූ පුංචි සරෝජා දැන් ''වෛද්‍ය නිත්‍යවානි කන්දසාමි''
ඈ ගැන මේ කතාබහට හේතු වුණේ ආදරණීය ඡායාරූප එකතුවක්.
මේ බලන්නකො...
මේ සේයා රූ එකතුවත් එක්ක බැඳිලා තිබුණේ, තවත් ''පුංචි සරෝජා'' කෙනෙක් ගැන ආදරණීය පණිවුඩයක්.
දියණියක් කුස දරාගත් නිත්‍යවානි තවත් ලස්සන වෙලා. බලාපොරොත්තුවලින් පිරිලා.
ඇගේ සංස්කෘතියට අනුව පැවති ''Valaikaappu'' එහෙමත් නැත්නම් ''bangle ceremony'' එකේ අවස්ථා කිහිපයකි මේ.
(දකුණු ඉන්දීය ආභාෂය ලත් පූර්ව ජන්ම උත්සවයක් වන එය සශ්‍රීකත්වය, දරුවා සහ මව ආරක්ෂා කිරීම උදෙසා සාමාන්‍යයෙන් ගැබ්ගැනීමෙන් 7 වන මාසයේ හෝ 9 වන මාසයේ පවත්වනු ලබන්නකි...)
13775 Views
Comments