තම පුත්‍රයාගේ විවාහය වෙනුවෙන් සුප්‍රකට ව්‍යාපාරික අම්බානි දුන් හිතාගන්නවත් බැරි තෑග්ග

මේ පවුල ගැන මේ වෙද්දී ලෝකයක් කතා කරනවා..
ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරික පවුලක් වෙන අම්බානි පවුල ගැනයි මේ අලුත්ම කතාව.. ඔවුන් මේ කරලා තියෙන්නේ ලෝකයම මෙ වෙද්දී කතා කරන දෙයක්..
ව්‍යාපාරික මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී තෑගි කිරීමට ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 77.3ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා...
මෙසේ ලබාදීමට නියමිත මන්දිරය ඩුබායි නුවර පවතින වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්වි අතිසුඛෝපභෝගී මන්දිරයක් බවයි සඳහන් වන්නේ..
.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ගණුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදුකර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවයි...
එමෙන්ම, මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් මෙම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා..
මෙම විවාහය ලබන ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙනවා..
1143 Views
Comments