“මේක මගේ පළවැනි දමිල චිත්‍රපටය” - ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා ප්‍රධාන චරිතයක් සමඟින් දමිළ සිනමාවට (PHOTOS)

මිෂෙල් දිල්හාරා කියන්නෙ නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක්.
අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම්, වාසනාවන්ත වූ බව නොරහසක්.
මිෂෙල් ගැන මේ කතාබහට හේතු වුණේ නුදුරේදීම අපිට ඇයව ''දමිළ සිනමාව ඔස්සේ දැකගන්න ලැබීමට නියමිතය'' යන සුබ ආරංචිය ඔබට අරන් එන්න.
චිත්‍රපටයේ නම ''අධිරන්'' (Adhiran)
Psn Pavin කැමරාකරණයෙන් හැඩවන තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන අධිරන්, මිෂෙල්ගේ පළමු දමිළ සිනමා සිත්තමයි.
විශේෂම කාරණය නම් පළමු දමිළ සිනමා පටයෙන්ම ඇයට ප්‍රධාන චරිතයක් ලැබීම. ඒ අනුව සුදර්ශන් රවීන්ද්‍රන් (Sudharshan Raveendran) සහ මිෂෙල් දිල්හාරා විසින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇති.
පසුගියදා චිත්‍රපටය සඳහා වූ මාධ්‍ය හමුව පැවැත් වුණා. එදිහී අධ්‍යක්ෂවරයා විසින් චිත්‍රපටය පිළිබඳව මෙලෙස අදහස් දක්වා සිටියා.
“මේ චිත්‍රපටයේ කතා වස්තුව ශ්‍රී ලංකාවේ ග්‍රාමීය තත්ත්වය පිළිබිඹු කිරීමයි.
මෙය ලංකාවේ දැවැන්ත සිනමා පටයක් වීමට නියමිතයි.
චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි තිරගත වෙනවා.
මෙය සියලුම ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරනු ඇති...”
එමෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන සුදර්ශන් විසින් මෙරට චිත්‍රපට කර්මාන්තය ඉදිරියට ගෙන යාමට දරන උත්සාහය ද අගය කර තිබුණා.
7413 Views
Comments