“ඒකේ ප්‍රශ්නයක් නෑ අම්මේ... ඒ දරුවත් එයාගෙම තමයි, අරයව බඳින්න කලින් එයත් එක්ක...” - දුවගේ පැටිකිරිය ඇසූ මවට තරු පෙනෙයි

සැමියා මියගිය පසු ඔහුගේ යහළුවෙකු සමඟ දෙවන වරටත් විවාහ වූ කාන්තාවක් තම දරුවාගේ අයිතිය පිළිබඳව කී අපූරු කතාවක් අසන්නට ලැබුණේ කෑගල්ලෙනි.
අනුරාධපුර ප්‍රදේශයේ හමුදා නිළධාරියෙකු සමග විවාහ වූ ඇය එහි පදිංචියට ගොස් වසර දෙකකට පසු සැමියා හදිසි අනතුරකින් මියගිය නිසා එක් දරුවකු සමග තනිවූවාය.
මවුපියන් ඇයට යළි තම නිවසට එන ලෙස කීවත් ඇය අනුරාධපුර ප්‍රදේශයේම ජීවත් වූවාය.
ඒත් පසුගිය දා ඇය කෑගලූ ගියේ මියගිය සැමියාගේ යහළුවෙකු සමඟ ඇය යළි විවාහ වන බව මවුපියන්ට කීමටය.
මවුපියෝ ඊට අකමැත්තක් නොදැක්වූහ. ඒත් මව ඇසුවේ ”දුවත් එක්කම පොඩි දරුවාත් බාර ගැනීමට ඔහු කැමතිද?” කියාය.
”බාර නොගෙන කොහොමද? ඒ දරුව එයාගෙම තමයි අම්මේ. අරය බඳින්න කලින් මෙයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා.” ඇය කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.
241 Views
Comments