විරාට් කෝලිට මල පනී - පෞද්ගලිකත්වයට බලපෑම් කළැයි චෝදනා කරමින් මාධ්‍යවේදිනියකට හොඳටම සැරවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

විරාට් කෝලිට මල පනී - පෞද්ගලිකත්වයට බලපෑම් කළැයි චෝදනා කරමින් මාධ්‍යවේදිනියකට හොඳටම සැරවෙයි

විරාට් කෝලිට මල පනී - පෞද්ගලිකත්වයට බලපෑම් කළැයි චෝදනා කරමින් මාධ්‍යවේදිනියකට හොඳටම සැරවෙයි

විරාත් කෝලි ඔස්ට්‍රේලියානු මාධ්‍ය එක්ක පැටලෙන්න ගිහින්.

 

ඒකට හේතුව, අවසරයකින් තොරව කළ රූගත කිරීමක් !

 

සිද්ධිය වෙලා තියෙන්නෙ කෝලි මෙල්බර්න් නුවරට පැමිණීමත් සමඟ.

 

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව නම්, කෝලි සහ මාධ්‍ය අතර උණුසුම් වචන හුවමාරුවකුත් වෙලා !!

 

ගුවන් තොටුපලේදී ඔහු සිය දරුවන් සමඟ වන අවස්ථා රූගත කිරීමයි, කෝලිගේ කෝපයට කාරණාව.

 

 

කෝලි – අනුෂ්කා කියන්නෙ සිය පෞද්ගලිකත්වය අංක එකට තබා ඇති තරු යුවළක්.

 

තමන්ගේ ජනප්‍රියත්වය දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමින් ක්‍රියාත්මක වනවාට, ඔවුන් තරයේම විරුද්ධයි.

 

දරුවො දෙන්නෙක් ඉන්න දෙමාපියන් වෙලත්, තවම ඔවුන් දරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ මාධ්‍ය වෙත මුදාහැරලත් නෑ.

 

කෝලි – අනුෂ්කා ඊට කියන්නෙ, ඒක තමන් ගන්න ඕනි තීරණයක් නෙවෙයි දරුවන්ගේ තීරණයක් විය යුතුයි කියලා.

 

ඉතින්, එවන් ස්ථාවරයක ඉන්න කෝලිට මෙවන් සිදුවීමකදි කේන්ති එන එකත් සාමාන්‍යයයි නේද..

 

 

කොහොම නමුත් මේ සිදුවීම නම් කෝලිගේ වැරදි වැටහීමක් බවත් කියවෙනවා.

 

ඒ කියන්නෙ, කෝලිව මිස දරුවන්ව කැමරාවට ඉලක්ක නොවූ බව.

 

මේ සම්බන්ධයෙන් කෝලි කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්..

 

“මගේ දරුවන් සමඟ මට යම් පෞද්ගලිකත්වයක් අවශ්‍යයි.

ඔබට මගෙන් අහන්නේ නැතිව රූගත කිරීම් කරන්න බැහැ”

 

සිදුවීම අවසන කරුණු පැහැදිලි කළ කෝලි, කැමරා ශිල්පියෙකුට අතට අතත් දීලම ඉන් ඉවතට ගිය බවයි සඳහන් වෙන්නෙ.

 

 

මේ අතර, කෝලි – අනුෂ්කා යුවළ ඉන්දියාවෙන් පිටව යන්න සැරසෙන බවටත් කතාවක් පැතිරෙනවා.

 

කතාව පැතිරෙන්නෙ කාලයක් තිස්සෙ.

 

කොහොම නමුත් ඒ කටයුත්ත ඉක්මනින් ම වන බවයි ආරංචිය.

 

ඒ අනුව කෝලි – අනුෂ්කා යුවළ එක්සත් රාජධානියට යාමට සැලසුම් කර ඇති බවයි කියවෙන්නෙ.

 

ස්ථිර පදිංචිය කෙසේ වෙතත්, මේ වෙද්දිත් ඔවුන් සිය දරුවන් එක්ක වැඩි කාලයක් ගෙවන්නෙ ලන්ඩනයේ.

 

විශේෂයෙන්ම අනුෂ්කාගේ දෙවන ගැබ් ගැනීමත් එක්ක.

 

ක්‍රිකට් සහ රංගනය එක්ක නමක් දිනාගෙන උන්නාට, කෝලි – අනුෂ්කා යුවළට වටිනම දේ තමයි පවුල.

 

විවාහයත් එක්ක දියණිය වෙනුවෙන් අනුෂ්කා කරැති කැපකිරීම ඊට සාක්ෂියි.

views

187 Views

Comments

arrow-up