ගත වුණේ එක් නිමේශයයි, අක්කා නගෝ සදහටම දෑස් පියාගෙන - කොළඹ ඇවිත් බේත් අරන් ගෙදර යද්දී සිදුවුණු මාරකය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ගත වුණේ එක් නිමේශයයි, අක්කා නගෝ සදහටම දෑස් පියාගෙන - කොළඹ ඇවිත් බේත් අරන් ගෙදර යද්දී සිදුවුණු මාරකය

ගත වුණේ එක් නිමේශයයි, අක්කා නගෝ සදහටම දෑස් පියාගෙන - කොළඹ ඇවිත් බේත් අරන් ගෙදර යද්දී සිදුවුණු මාරකය

එකම පවුලේ පිරිසක් ගමන්ගත් මෝටර් රථයක් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100.1 පින්නදූව හා ඉමදූව පිවිසුම අතරදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ දියණියන් දෙදෙනකු (අක්ක නගෝ) මරුමුවට පත්වී ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

මෙ අනතුර පෙරේදා (11 දා) රාත්‍රී සිදුවී ඇතැයිද හෙතෙම කීය. අනතුරින් මියගොස් ඇත්තේ මාතර, නූපේ පදිංචිව සිටි උබේසිංහ ආරච්චිගේ සදීෂා නමැති 12 හැවිරිදි දියණියක සහ ඇගේ එකම සොයුරිය වූ සෙනුදි දම්සරා නමැති 10 හැවිරිදි දියණියයි.

 

එම අනතුරින් තුවාල ලැබූ දැරියන්ගේ මව සහ පියා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක බවත්, පියා ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලයක් දරන අයකු බවත් පොලිසිය කියයි.

 

අනතුරින් මියගිය වැඩිමල් දියණියගේ රෝගී තත්ත්වයකට නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන මාතර සිය නිවස කරා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

 

මෝටර් රථය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය කිරීමේදී රථය පැදවූ පියාට නින්ද යෑම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස කොටසේ දකුණු පැත්තේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

මියගිය දැරියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණ. මේ පිළිබඳව පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

views

277 Views

Comments

arrow-up