“විවාහ වෙන්න තවම හිතලවත් නැහැ, ඒක කපල් ෆොටෝ ෂූට් එකක් විතරයි” - සජිනි රෝයි

සජිනි රෝයි ට මේ දවස්වල ගොඩක් දෙනෙක් කතාකරන්නෙ රොබරෝසියා මල කියල. ඒ ‘හිරිපොද වැස්ස’ ටෙලි නාට්‍යයේ ට්‍රිලීෂියා මිස් නිසා. ඒ වගේම රඟපෑම එපාවෙන්න තරම් බැණුම් අහපු චරිතෙකුත් ඇය රඟපාල තියෙනව කියල දැනගන්න ලැබුණා.
අපි සජිනිගෙන්ම මේ ගැන අහමු.
‘හිරිපොද වැස්ස’ හි ට්‍රිලීෂියා මිස් ගැන රසිකයො මොකද කියන්නෙ?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මෙතෙක් මම කරපු චරිත අතරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණෙ ට්‍රිලීෂියා මිස්ට.
සජිනිට කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?
ඉන්දික ධර්මතිලක අයිය තමයි මට මේ ආරාධනය කරන්නෙ. නමුත් ඒ වෙන චරිතයක් වෙනුවෙන්. ඒ අනුව ඔඩිෂන් එකකට සහභාගි වුණාට පස්සෙ තමයි මට ට්‍රිලීෂියා මැඩම්ගෙ චරිතය ලැබෙන්නෙ.
සෙට් එකේ කාලය ගෙවුණෙ කොහොමද?
මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙන්නෙ යෞවන වියේ පිරිසක්. ඒ නිසා හරිම ෆන් විදිහට තමයි කාලය ගෙවෙන්නෙ. අපි සෙට් එකේ ඉන්නෙ හරිම විනෝදෙන්.
හිරිපොද වැස්සෙ රොබරෝසියා මල කියලත් සමහර අය කතා කරනව?
ඔව්, ගොඩක් දෙනෙක් ට්‍රිලීෂියා කියන නමින් කතාකරනවාට වඩා රොබරෝසියා මල කියන අන්වර්ථ නාමයෙන් තමයි කතාකරන්නෙ
මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණාද?
ඇත්තටම මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියල බලාපොරොත්තු වුණේ නැහැ. ප්‍රධාන චරිතයක් නොවීත් මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන ගොඩක් සතුටුයි.
තරුණ ගුරුවරියගේ රංගන අත්දැකීම මොන වගේද?
සාමාන්‍යයෙන් ගත්තොත් පිරිමි ළමයි ඉන්න පාසල්වලත් ලස්සන ටීචර්ස්ල ඉන්නව. සාමාන්‍ය ජීවිතයේත් මේ වගේ අත්දැකීම් ලබපු තරුණ ළමයි ඇති. චරිතය පැත්තෙන් ගත්තාම මටත් මේක අලුත් අත්දැකීමක්.
‘සිත නිදි නෑ’ ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?
සිත නිදි නෑ ටෙලි නාට්‍යයේ ‘ඩිෂ්නි’ කියන්නෙ මගේ ජීවිතේ වෙනස් කරපු චරිතය කිව්වොත් හරි. මට දැනෙන්නෙ මම ඒ චරිතයේ ජීවත් වෙනව කියල. ඒ වගේම මේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයට ගොඩක් සම්බන්ධයි.
සජිනිව මුලින්ම දකින්න ලැබෙන්නෙ ‘දිවිතුරා’ ටෙලි නාට්‍යයෙන්?
දිවිතුරා ටෙලියෙ මම රඟපෑවෙ නපුරු චරිතයක්. ඉතිං එවැනි චරිතවලට ලැබෙන ප්‍රතිචාර ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මගතොට යනඑනකොට වුණත් මුණගැහෙන අය මට බැණපු වාර ගොඩක් තියෙනව. අදටත් සමහර අය කියනව අම්මෝ ඒ චරිතෙනම් අමතක කරන්න බැහැ, මූණ දැක්කත් බණින්න හිතෙනව කියල.
‘සිදාදියේ සමනලියෝ’ හි අත්දැකීම් මොන වගේද?
මේ නිර්මාණයේදි ධනංජය සිරිවර්ධන අයිය මට කතා කළේ වෙනත් චරිතයකට. නමුත් රේවතී කියන චරිතය මම ඉල්ලගත්තෙ බලෙන් වගේ. ඒත් ධනංජය අයිය හිතුවෙ නැහැ මට දමිළ පුළුවන් වුණත් ඒ චරිතය කරන්න පුළුවන් වෙයි කියල. නමුත් පළමුවැනි ඔඩිෂන් එකේදිම මම ඔහුගෙ හිතේ තිබුණ විදිහට චරිතය කළා.
සජිනි කොහොමද දමිළ භාෂාව පළපුරුදු විදිහට හසුරුවන්නෙ?
මම දමිළ භාෂාව ඉගෙනගෙන නැහැ. මට දමිළ යාළුවො ඉන්නව. පොඩිකාලෙ ඉඳන් ඔවුන් එක්ක කතාබහ කරල තමයි මේ හුරුව මට ලැබුණෙ.
කොහොමද රඟපෑමට යොමු වෙන්නෙ?
ඇත්තටම රංගනය පිළිබඳව පුංචි අදහසක්වත් මට තිබුණෙ නැහැ. මගේ බලාපොරොත්තුව වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. කාලයක් මම ට්‍රැවල් ඒජන්සියක වැඩකරනකොට එතැන හිටපු යාළුවකුගෙ මාර්ගයෙන් මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ රනිල් කුලසිංහ අයියගෙ ‘භූමි’ ටෙලි නාට්‍යයට. නමුත් ඒක විකාශය වුණේ නැහැ. එතැනින් පස්සෙ රනිල් අයියගෙ දැනහැඳුනුම්කම මත තමයි මම රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ.
සජිනි ක්‍ෂේත්‍රයට ඇවිත් වසර දෙකයි?
ඔව්, මේ වසර දෙක තුළ මේ තරම් රසික ආදරයක් දිනාගන්න ලැබුණ එක ගැන ඇත්තටම සතුටුයි.
ට්‍රිලීෂියා මිස් ගැන පවුලේ අයගෙ අදහස කොහොමද?
මුලදි මම මේ චරිතය භාරගන්න කැමති වුණෙ නැහැ. මොකද ප්‍රේක්‍ෂකයන් කොහොම භාරගනීවිද කියන සැකය මට තිබුණා. නමුත් අම්ම මට ඒ වෙලාවෙ කිව්වෙ නිළියක් විදිහට ඔයා ඕන චරිතයක් භාරගන්න සූදානමින් ඉන්න ඕන වගේම විවිධ චරිත කළාම තමයි පේක්‍ෂකයන්ට මතක හිටින්නෙ කියල. ඒ විශ්වාසය නිසා තමයි අද මම මේ චරිතය කරන්නෙ.
දැන් ගුවන් සේවිකාවගේ හීනය මැකිල ගිහින්ද?
ඔව්, දැන් ඒ හීනය මගේ ජීවිතේ නැහැ.
සජිනි දිගටම රඟපාන්නද අදහස් කරන්නෙ?
ඔව්, ජනප්‍රියම නිළියක් වෙලා ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින චරිතයක් වෙන්නයි මගේ බලාපොරොත්තුව.
ඔබ හොරෙන්ම විවාහ වෙලා කියලත් ආරංචියක් පැතිරෙනව?
නැහැ. ඒක කපල් ෆොටෝ ෂූට් එකක් විතරයි. විවාහ වෙන්න තවම හිතලවත් නැහැ.
ක්‍ෂේත්‍රයේ යහළුවන් නැද්ද?
ඇත්තටම මට ක්‍ෂේත්‍රයේ යහළුවන් කවුරුවත් නැහැ. සෙට් එකේදි හොඳට කතාබහ කරල, විනෝදවෙලා ගෙදර එන්නෙ ඔවුන්ව එතැනම තියල. ගෙදරින් ආපහු යන්නෙත් සජිනි විදිහටමයි.
සජිනි මොන වගේ චරිතයක්ද?
සජිනි කියන්නෙ මම මෙතෙක් කළ හැම චරිතයක්ම මිශ්‍ර වුණ කෙනෙක්.
වැඩිපුරම බැණුම් අහපු චරිතය?
ප්‍රේක්‍ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් ඇහුවෙ දිවිතුරා ටෙලියෙ අචිනිගෙ චරිතයට. ඒක කොච්චරද කියනවනම් මට ක්‍ෂේත්‍රයෙන් අයින්වෙන්නත් හිතුණා.
සිනමාවටත් සම්බන්ධ වුණා?
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ අයියගෙ ‘සූරිය සුළඟ’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක මගේ පළමුවැනි සිනමා නිර්මාණය.
ඉදිරියේදී තිරගත වනතුරු බලාගෙන ඉන්නව.
188 Views
Comments