“ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් සදහටම සමුගනිමි” - මුහුණුපොතේ පෝස්ටුවක් දමා කිරුළපන හිමි ගත් තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

“ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් සදහටම සමුගනිමි” - මුහුණුපොතේ පෝස්ටුවක් දමා කිරුළපන හිමි ගත් තීරණය

“ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් සදහටම සමුගනිමි” - මුහුණුපොතේ පෝස්ටුවක් දමා කිරුළපන හිමි ගත් තීරණය

'කිරුළපන ධම්මවිජය හාමුදුරුවෝ' කියන්නෙ කාලෙන් කාලෙට 'සමාජ මාධ්‍ය' ඇතුළේ අතිශය කතාබහට ලක්වෙන 'හිමිනමක්' කිවුවොත් වැරදි නැහැ.

ඔන්න ආයෙත් ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒ, රට හැර යන්න ගත් තීරණය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමත් එක්කයි.

උන්වහන්සේට කට්ටිය කොයි තරම් කැමැති ද කියලා දැනගන්න පුළුවන්, Comment limited කරලා පෝස්ට් එක දාලා තියෙන එකෙන්ම.

ඒ සටහනේ මෙහෙමත් ලියලා තිබුණා.

“භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.

 

පසුගිය ආණ්ඩු විරෝධී විරෝධතා සමයේ එහි පිරිසට සහ ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියා.

ඒ නිසාම බොහෝ පිරිස් අතර සමාජ මාධ්‍ය තුළ ගැටුම් පවා ඇති කරගත්තා.

කොහොමෙන් කොහොම වුණත්, දැන් කිරුළපන ධම්මවිජය හිමියන්ට රට හැර යන්න ගිහින්.

මේ ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ පෝස්ට් පවා හුවමාරු වෙන්න පටන් ගෙන තිබෙනවා.

 

]

 

 

views

323 Views

Comments

arrow-up