“ඇයි අම්මේ මට මෙහෙම දෙයක් වුණේ” - ගම්පහ මල් කැකුළ මිලින කල මත් ලෝලී නරුමයා සියල්ල වමාරයි

“කුඩු බොන්න සල්ලි දුන්නෙ නැති නිසා මම දුවට ගහලා සල්ලි ගත්තා. දුව සිහිනැතිව වැටිලා සිටියේ. මං කුඩු බීලා එනකොටත් එයා ඒ විදිහටම වැටිලා හිටියා. දුව මැරිලා කියලා හිතලා මං එයාගේ සිරුර ඉටිකොළයක ඔතලා වැසිකිළි වළට දැම්මා” යැයි සිය 14 හැවිරිදි දියණිය ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් ඊයේ (06) අත්අඩංගුවට ගත් පියා පාපොච්චාරණය කර ඇත.
එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ ඒකල ඩී. එස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය ගම්පහ මාකවිට ප්‍රදේශයේ නිවසක සිය මව සහ පියා සමග පදිංචිව සිට ඇත.
තම පියා අතින් ඝාතනයට ලක්වූ 14 හැවිරිදි දියණියගේ සිරුර වැසිකිළි වළේ තිබියදී ගම්පහ මහෙස්ත්‍රාත්වරයාගේ උපදෙස් මත පොලිසිය විසින් ගොඩගන්නා ලදී.
සිය දියණිය ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පියා වෘත්තියෙන් පෙදරේරුවෙකි. ඔහු අයිස් මත්ද්‍රව්‍යට තදින් ඇබ්බැහි වූ අයකු බව පොලිසිය පවසයි.
මෙම දියණියගේ මව ඒකල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දිනපතා උදෑසන රැකියාව සඳහා පිටත්ව යන බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
දියණියගේ පියා ගම්පහ මාකවිට ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් තෙමහල් නිවසක් ඉදිකිරීමේ කටයුත්ත භාරගෙන සිටි අතර ඔහු අලුතින් ඉදිවන එම නිවසේ කාමරයක සිය පවුල සමග පදිංචිව සිට ඇත.
මීට මාස 3කට පමණ උඩදී මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති අවස්ථාවක සැකකරු සිය බිරිඳගේ කරබැඳි රන්මාලය බලහත්කාරයෙන් රැගෙන ගොස් උකස් කර මුදල් ලබාගෙන තිබේ. පසුව ඔහු එම මුදල් වැයකර අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇත.
බිරිඳ තමන් ලබාගත් මාසික වැටුපෙන් මුදල් එකතු කරගෙන උකසට තබා ඇති රන් මාලය බේරා ගැනීමට මුදල් එකතු කරගෙන තිබේ.
පසුගිය 02 වැනිදා උදෑසන බිරිඳ රුපියල් විසි දහසක මුදලක් සිය 14 හැවිරිදි දියණියට ලබාදී පියා සමග ගොස් උකසට තබා ඇති රන් මාලය බේරාගෙන එන ලෙස දැනුම් දී ඇත.
බිරිඳ රැකියාවට ගිය පසු දියණියගේ පියා ඇයට කථාකර රුපියල් විසිදහසක මුදල ඉල්ලා ඇත. එහෙත් ඇය එම මුදල ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
තමන්ට අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් නොමැති නිසා රුපියල් විසිදහසක මුදල දෙන ලෙසත් කියමින් සිය දියණිය සමග ආරවුලක් ඇති කරගෙන ඇත.
එහෙත් දැරිය පවසා ඇත්තේ අදාළ මුදල් තම මව දුක්මහන්සියෙන් එකතු කරගත් බවත් එය මාලය බේරා ගැනීමට තමන්ට දුන් බවත්ය.
එහිදී පියා තම දියණියට පහර දී ඇය සමග පොරබදා අදාළ රුපියල් විසිදහසක මුදල උදුරා ගෙන ඇත. ඒ අවස්ථාවේ දියණිය බිම ඇදවැටී ඇගේ හිස ඇඳ විට්ටමේ වැදී තිබේ. එහිදී දියණිය සිහිසුන් වී ඇති අතර සැකකාර පියා මුදල් ද රැගෙන අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ගොස් ඇත. මෙම සිද්ධිය වී ඇත්තේ ඉකුත් 02 වැනිදා උදෑසන 7.30ට පමණය. සැකකාර පියා අයිස් මත්ද්‍රව්‍ය පානය කර එදින උදේ 11.00ට පමණ නිවසට එනවිටත් දියණිය බිම වැටුණු අයුරින්ම සිට ඇත.
සිය දියණිය මියගොස් ඇති බව සිතූ පියා ඇගේ සිරුර ඉටිකොළයක ඔතා නිවස පිටුපස වැසිකිළිවලට දමා එය වසා දමා ඊට උඩින් පස් තට්ටුවක් ද යොදා තිබේ.
එදින සවස මව නිවසට පැමිණ සිය දියණිය පිළිබඳව සැමියාගෙන් විමසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ දියණිය ඇගේ යෙහෙළියක සමග රුපියල් විසිදහසක මුදල් ද රැගෙන විනෝද චාරිකාවක් සඳහා පිටත්ව ගිය බවයි. දින තුනකින් ආපසු එන බව ද ඇය පවසා ගිය බව සැකකරු බිරිඳට කියා ඇත.
දින 03ක් ගතවූ තැන සිය දියණිය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති විට මව ඒ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා මහතාට පැමිණිලි කර ඇත්තේ පෙරේදා (05) රාත්‍රී කාලයේදීය.
පියා පිළිබඳව සැක පහළ කළ ගම්පහ පොලිසියේ නිලධාරීන් ඊයේ උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම අභිරහස් ඝාතනයේ සුලමුල හෙළි වී තිබේ.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
279 Views
Comments