විලියම් - කේට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි අලුත්ම ආරංචිය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

විලියම් - කේට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි අලුත්ම ආරංචිය මෙන්න

විලියම් - කේට් ගැන ඇහෙන හිතාගන්නවත් බැරි අලුත්ම ආරංචිය මෙන්න

කියන්න යන්නේ රාජකීය පවුල ගැන ඇසෙන තවත් විශේෂ  කතාවක්..


 

කිසිවෙක් හිතුවාද ඔවුන්ට මේ තරම් ඉක්මනින් රාජකීය කිරුළු දරන්න පුළුවන් වෙයි කියලා... අන්න ඒ ගැන ඇසෙන කතාව..



විලියම් සහ කේට් යුවළට ඔවුන් සිතුවාට වඩා බොහෝ ඉක්මණින් බ්‍රිතාන්‍ය රජකම බාර ගැනීමට සිදුවනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.. මේ වනවිට ඔවුන් ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි, රාජකීය චරිතාපදාන ලේඛිකාවක් වන සැලී බෙඩ්ල් ස්මිත් පැවසුවේ..



දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග 2022 වසරේ තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය රජකම බාරගත් අතර එහිදී විලියම් කුමරු රජකමට මීළඟ සුදුස්සා වූ අතර, තෙවැනි චාල්ස් රජු හෙළි නොකළ පිළිකා රෝගයකට ප්‍රතිකාර ලබන අතර ඒ හේතුවෙන් ඔහුට යම් මොහොතක රාජකීය කටයුතුවලින් ඉවත් වීමට සිදුව තිබෙනවා..



කැමිලා බිසවද මෑතකදී නිව්මෝනියා රෝගයට ගොදුරුවීම හේතුවෙන් ඇයට රාජකීය කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට සිදුව තිබෙනවා.. කේට් කුමරිය මේ වනවිට පිළිකා රෝගයෙන් සුවය ලබා සිටින අතර විලියම් සහ කේට් යුවළ පූර්ණ කාලීනව රාජකාරී කටයුතුවල නිරතවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.. 

views

262 Views

Comments

arrow-up