සුපිරි නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
14

සුපිරි නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්වෙයි

සුපිරි නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්වෙයි

සුපිරි ඉන්දීය නළු අක්ෂේ කුමාර් අනතුරකට ලක්ව තිබෙනවා.

 

ඒ, Housefull 5 රූගත කිරීම් අතරතුරයි.

 

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව, රූගත කිරීම් අතරතුර යම් වස්තුවක් ඔහුගේ ඇසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

 

ඒ අනුව මේ වන විට ඔහු විවේකීව පසුවන බවත්, ඇස වෙළුම් පටි දමා ආවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

අක්ෂේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණදී ඇත්තේ, චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී යි.

 

එහි තවත් දර්ශන කිහිපයක් ඉතිරිව ඇති බව සඳහන්.

 

Housefull 5 හි රූගත කිරීම් යුරෝපයේදී ඇරඹියේ මේ වසර ආරම්භයේදී යි.

views

243 Views

Comments

arrow-up