තරුණයින්ගේ විනෝදය මහා ඛේදවාචකයකින් අවසන් වූ හැටි

කතරගම සෙල්ල කතරගම අක්කර 20 වැවේ විනෝදයට ඔරුවක් පැදමින් සිටි තරුණයින්ගේ ඔරුව පෙරලීමෙන් එක් තරුණයෙක් මිය ගියේය.
07 දින සවස 5.40ට මෙම අවාසනාවන්ත සිදුවීම විය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සෙල්ල කතරගම අක්කර 20 පදිංචි දිසානායක මුදියන්සේගේ චාමෝද් දිල්සාන් අවුඃ19 තරුණයයි.
මෙම ඔරුවේ එම අවස්ථාවේදී තවත් තරුණයන් 04දෙනෙක් ඔරු පැදීමට ගොස් ඇති අතර දියේ ගිලුණු ඔවුන්ව අසල්වැසියන් පිරිසක් විසින් බේරාගෙන්නා ලදී.
මෙවර උසස් පෙළ විභාගයට මෙම තරුණයන් ඉදිරිපත් වී සිටිය බව දෙමාපියෝ සඳහන් කරති.
මියගිය තරුණයාගේ මළ සිරුර කතරගම දිසා රෝහලේ තැන්පත් කර තිබේ. කතරගම පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ සිදු කරති.
188 Views
Comments