පළමුවරට වසරේ නිරූපිකාව ලෙස සම්මාන ලැබූ සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

පළමුවරට වසරේ නිරූපිකාව ලෙස සම්මාන ලැබූ සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව (PHOTOS)

පළමුවරට වසරේ නිරූපිකාව ලෙස සම්මාන ලැබූ සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව (PHOTOS)

අමෙරිකානු නිරූපිකාවක් වන ඇලෙක්ස් කොන්සානි (Alex Consani) ''වසරේ නිරූපිකාව'' ලෙස සම්මාන ලද, පළමු සංක්‍රාන්ති ලිංගික නිරූපිකාව බවට පත්ව තිබෙනවා.

 

කොන්සානි මේ වන විට Chanel, Stella McCartney සහ Victoria’s Secret වැනි සන්නාම ඔස්සේ ඉහළ කතාබහට ලක්ව ඇති නිරූපිකාවකි.

 

21 හැවිරිදි ඇය මෙම සම්මානයට හිමිකම් කියූවේ, ඊයේ (02) සවස ලන්ඩනයේ පැවති 2024 විලාසිතා සම්මාන උළෙලේදීයි.

 

සම්මානය අතැතිව, කොන්සානි පවසා සිටියේ තමන් ලද ජයග්‍රහණය 'නිවැරදි දිශානුගත විශාල පියවරක්' වන බවයි.

 

කොන්සානි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ, TikTok සමාජ මාධ්‍ය තුළිනි. එලෙස ජනප්‍රිය වුණු ඇය, අද වන විට ලොව ජනප්‍රියම සන්නාම සඳහා නිරූපණයෙන් දායක වේ.

 

එමෙන්ම, ඔක්තෝම්බර් මාසයේදී කොන්සානි සහ වැලන්ටිනා සම්පායෝ වික්ටෝරියා සීක්‍රට් විලාසිතා දැක්මේ පෙනී සිටි පළමු ට්‍රාන්ස් නිරූපිකාවන් බවට පත්වීමෙන් ඉතිහාසගත වීමත් විශේෂයි.

 

 

 

views

188 Views

Comments

arrow-up