අදිති රාඕ - සිද්ධාර්ත් යුවළගේ දෙවැනි විවාහ මංගල උත්සවයේ ඡායාරූප පෙළ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

අදිති රාඕ - සිද්ධාර්ත් යුවළගේ දෙවැනි විවාහ මංගල උත්සවයේ ඡායාරූප පෙළ (PHOTOS)

අදිති රාඕ - සිද්ධාර්ත් යුවළගේ දෙවැනි විවාහ මංගල උත්සවයේ ඡායාරූප පෙළ (PHOTOS)

අදිති රාඕ (Aditi Rao Hydari) සහ සිද්ධාර්ත් යුවළගේ හරි අපූරු මංගල සේයා රූ එකතුවක් දකින්න ලැබෙනවා.

 

අදිති - සිද්ධාර්ත් ප්‍රේම කතාව කාලයක් තිස්සේ කවුරු අතරත් කතාබහට ලක්වුණු එකක්.

 

දෙන්නා විවාහ ගිවිස ගත්තෙ පසුගිය මාර්තු මුල.

 

පසුව, අදිති - සිද්ධාර්ත් යුවළගෙ සමීපතමයින් එක්ක හින්දු චාරිත්‍රානුකූලව, සරල හා අලංකාර අන්දමින් කෙරුණු සාම්ප්‍රදායික මංගල උත්සවයේ ඡායාරූප එකතුවක් මීට ඉහත (සැප්තැම්බර් 16) දකින්න ලැබුණා.

 

එයින් පසුව යළි, දෙවන වරටත් ඔවුන් අපූරු මංගල සේයා රූ එකතුවක් මෙලෙස සමාජ මාධ්‍ය වෙත නිකුත් කරලා.

 

 

ඉන්දීය ආරංචි මාර්ගවල හැටියට, රාජස්ථානයේදී යි (Alila Fort Bishangarh) දෙවන වරට ඔවුන් විවාහ උත්සවය පවත්වලා තියෙන්නෙ.

 

මීට ඉහත, Vogue India එක්ක කළ සම්මුඛ සාකච්ඡාවකදී විවාහ සැලසුම් ගැන කරන ලද විමසීමකට ප්‍රතිචාර හැටියට, අදිති කියලා තිබුණා “මගේ පවුලට වැදගත් වන වනපර්ති ප්‍රදේශයේ වසර 400ක් පැරණි කෝවිලක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විවාහ මංගල්‍යය පැවැත්වෙනු ඇති” යනුවෙන්.

 

ඒ කතාව සනාථ කළ ඡායාරූප එකතුවක් තමයි මීට ඉහත වඩාත් කතාබහට ලක් වුණේ.

 

තෙලන්ගානා ප්‍රාන්තයේ වනපර්ති ප්‍රදේශයේ වසර 400ක් පැරැණි කෝවිලක් පසුබිම් කරගත් ඒ ඡායාරූප එකතුව, ආදරණීය වගේම කලාත්මක බවිනුත් අනූන එකතුවක්.

 

ඊට නොදෙවෙනි සුන්දර සේයා රූ කිහිපයක් තමයි මේ..

 

අදිති - සිද්ධාර්ත් 2021දී, මහා සමුන්ද්‍රම් චිත්‍රපටයේ එකට වැඩ කරලා තිබුණා.

පස්සෙ තමයි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ.

 

 

 

 

 

 

views

201 Views

Comments

arrow-up