“මට සර් කියන්න” - පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ඡුනා යාපනය රෝහලේ යකා නටපු හැටි මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

“මට සර් කියන්න” - පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ඡුනා යාපනය රෝහලේ යකා නටපු හැටි මෙන්න

“මට සර් කියන්න” - පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ඡුනා යාපනය රෝහලේ යකා නටපු හැටි මෙන්න

මැවෙන කාලයක මේ කියන්න යන්නේ තවත් අන්න ඒ වගේම කතාවක්.. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා, ඔහු ගැන කතා මැවෙන කාලයක අද මේ කතාව ඇසෙන්නේ යාපනය පොලිසිය පැත්තෙන්.. ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ මේ පැමිණිල්ල මොකද්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..



ස්වාධීනව තරගකොට යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී රෝහලේ වෛද්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට බැණ වැදී, පහරදීමට උත්සාහ කළ බවට ඔහුට එරෙහිව යාපනය පොලිසිය වෙත අද (09) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා..



එම පැමිණිල්ල යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සත්‍යමූර්ති විසින් ගොනුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ..



වෛද්‍යවරයෙකු ලෙස මොහු චාවකච්චේරිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලයේදී රෝහල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව පැමිණිලි කීපයක්ම පොලිසිය වෙත යොමුකර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ..



ඒ හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ඔහුට නියෝග ලැබී ඇති බවත්, එම සිද්ධියෙන් පසුව මන්නාරම රෝහලටද රාත්‍රී කාලයේ බලහත්කාරයෙන් කඩා වැදී රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට පහරදීමට උත්සසාහ කොට ඇති බවයි වාර්තා වෙන්නේ..



කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සත්‍යමූර්තිගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළු වී රාජකාරියට බාධා කරමින් ඔහුට 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස පවසා තර්ජනය කර බවයි..



එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ, ආරක්ෂක නිලධාරීන්ව බිය ගන්වමින් කාන්තාවක සමඟ ඔහු රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ කාමරයට ඇතුල් වූ බවයි..



දිගින් දිගටම ඔහුට 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස පැවසුවත්, රෝහලේ අධ්‍යක්ෂකවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ..

views

291 Views

Comments

arrow-up