“එයාලා කිවුවා මම ඉන්නෙ දවස් 3යි කියලා, අම්මා අඬ අඬ මාව රිදෙන්නම කොනිත්තලා” අම්මා-තාත්තා නෑනා-මස්සිනා වූ වරදට වන්දි ගෙවූ රෝසිගේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

“එයාලා කිවුවා මම ඉන්නෙ දවස් 3යි කියලා, අම්මා අඬ අඬ මාව රිදෙන්නම කොනිත්තලා” අම්මා-තාත්තා නෑනා-මස්සිනා වූ වරදට වන්දි ගෙවූ රෝසිගේ කතාව

“එයාලා කිවුවා මම ඉන්නෙ දවස් 3යි කියලා, අම්මා අඬ අඬ මාව රිදෙන්නම කොනිත්තලා” අම්මා-තාත්තා නෑනා-මස්සිනා වූ වරදට වන්දි ගෙවූ රෝසිගේ කතාව

මම ඈව මුලින්ම දැක්කෙ ෆොටෝ ෂූට් එකකින්. දකින පේන හැම එකියකටම එහා ගිය සුන්දරත්වයක් ඈ ආරුඪ කරගෙන තිබුණා.


මින් එහා, මූණත් තහඩුවේ පුංචි වෙනසකට ජීවිතේ දාලායන්න තරම් දරුණු තීන්දු ගන්න උනුයි ඈයි අතරේ මම වෙනසක් දැක්කා.


ඔව් ඈ ජීවත් වෙනවා. (අනිත් හැම එකාලා වගේම ජීවත් වෙනවා!) ඇය නමින් රෝසි උඩුමුල්ල


ඇගේ ස්වරූපය වෙනස් වුණා වුණත් සාමාන්‍ය කෙල්ලක් විදිහට ඈ මේ මහපොළව ඉඹගෙන ඉන්නවා. තවදුරටත් ජීවිතේ අමාරු තැන් පහුකරගෙන ඈ ඇවිද යනවා.


මට ඇත්තටම මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි වුණු නිසා, මගේ මුහුණේ ගොඩක් වෙනස්කම් තිබුණා. ඇස් වැහිලා, තොල් පැලිලා කට අරින්නවත් බැහැ. ඒ වගේම තව අසනීප ගොඩක් එක්ක තමයි මම ඉපදුණේ. දොස්තරලා මාව ජීවත් කරවන්න බැහැ කිව්ව නිසා, අම්මා මාව ගෙදර ගෙනත් තියෙනවා, දොස්තරලා කියලා තියෙනවා මාව දවස් තුනයි ජීවත් කරවන්න පුළුවන් කියලා.


දොස්තරලා දවස් තුනක් විතරක්‘ කියපු රෝසිගේ ජීවිතේ සිද්ධ වෙච්ච පුදුමාකාර හාස්කම මොකද්ද ? (ඒක දෙවියන් වහන්සේ දුන්නද ? නැත්තම්)


ගෙදර ආපු ගමන් ගමන් අම්මා මාව ගේ ඇතුළෙන් තියලා හයියෙන් දොර වහලා තියෙනවා. එතකොට මම එක සැරේම ගැස්සිලා තිබුණා. ඒකෙන් අම්මා දැනගෙන තියෙනවා මට කන් ඇහෙනවා කියලා. ඊට පස්සේ අම්මා අඬ අඬ මගේ ඇඟ මට උපරිම රිදෙන්න හයියෙන් කොනිත්තලා තියෙනවා. එතකොට මම අඬන්න උත්සහ කරලා තියෙනවා.


ඒ වෙලාවේ අම්මා දැකලා තියෙනවා මගේ උගුරේ උඩ අතට තියෙන අසාමාන්‍ය පටලයක්. මට කතා කරන්න අපහසු වෙන්නේ ඒක නිසයි කියලා අම්මා නිගමනය කරලා තියෙනවා. ඊට පස්සේ දොස්තරට කතා කරලා මේ ගැන කියලා.


රෝසි දැන් සමාජ මාධ්‍ය ඇතුළෙත් විප්ලවකාරියක් ඈ තමන්ට තෑගි ලැබුණු ජීවිතේ සතුටින් සිනාවෙන් භාර අරගෙන තියනවා.


පුංචිම හරි රිදවීමකට ජීවිතේ විඳවන්න ගන්න උනුන්ට ඈ අපූරු කතාවක් කියලා දෙනවා.


ඒ කතාවම මම ඔබට ආයෙමත් කියනවා. ජීවිතේ රිදෙන ගානේ ඈ දිහා බලන්න. ඈට කතා කරන්න පවා අපහසුයි. සමහර වචන ඈ ගිලිහනවා. (සත්‍ය වශයෙන්ම අහන් ඉන්න මටත් ඈව දෙපාරකට වැඩිය අහන් ඉන්න සිද්ධ වෙනවා!

 

ඒත්... වැදගත්ම දේ දන්නවද ?

 

ඈ කතා කරන එක, ඈ හිනාවෙන එක. ඈ මේ ජීවිතේ සැහැල්ලු‍වෙන් විඳින එක.

views

353 Views

Comments

arrow-up