අල්ලපු ගෙදර මහත්තයගෙ ලෙඩේ මෙහා ගෙදරටත් බෝවෙලා - නෝනලා දෙන්නා අන්තිමට නතරවුණ නැත
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

අල්ලපු ගෙදර මහත්තයගෙ ලෙඩේ මෙහා ගෙදරටත් බෝවෙලා - නෝනලා දෙන්නා අන්තිමට නතරවුණ නැත

අල්ලපු ගෙදර මහත්තයගෙ ලෙඩේ මෙහා ගෙදරටත් බෝවෙලා - නෝනලා දෙන්නා අන්තිමට නතරවුණ නැත

එහා ගෙදර මහත්තයාගේ අමතක වීමේ රෝගය මෙහා ගෙදර මහත්තයාටත් බෝවීමෙන් පවුල් දෙක අතර ආරවුලක් ඇතිවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ කොළඹට නුදුරු ඇඹුල් දෙයක නමන් සහිත නගරයකිනි.


එක ආසන්නයේ පිහිටි මේ ගෙවල් දෙකේම පදිංචිව සිටියේ මෑතක විවාහවූ ජෝඩු දෙකකි. එක් පවුලක බිරිඳ රැකියාවක් නොකළ අතර සෙසු තිදෙනාම විවිධ රැකියාවල නිරතවිය.


පසුගිය දිනක එහා ගෙදර රැකියාවේ නියුක්ත කාන්තාව සවස සබන් හා තුවායද රැගෙන මෙහා ගෙදරට කලබලයෙන් පැමිණියාය.


“අනේ නංගි අපේ මහත්තයට අමතක වෙලා ලයිට් තියෙන වෙලාවට වතුර මෝටරේ දාල නැහැ. දැන් ලයිටුත් නැහැ.” කීවේ එම නිවෙසෙන් නාගැනීමට අවසර ඉල්ලමිනි. ඇය සිනාසී අවසර දුන්නාය.

 

මේ ආකාරයට දින දෙක තුනක්ම උදේ හවස වතුර පරිභෝජනයට ඒම මෙහා ගෙදර කාන්තාවට මහා හිසරදයක් විය.


පසුදා සැමියාගේ අමතක වීම ගැන කියා ඇය එහි ආවේ නාගෙන රෙදි සෝදා ගැනීමටත් සූදානම්වය. 

 

එහෙත් මෙහා ගෙදර කාන්තාව “අනේ අක්කේ ඔයාගෙ මහත්තයගෙ අමතක වන ලෙඩේ අපේ මහත්තයාටත් ඇවිත්. ටැංකියේ වතුර බිංදුවක් නෑ” යන්නෙන් පැවසුවාලු‍.

views

823 Views

Comments

arrow-up