තෙල් හිඟය අස්සේ බෑණාට මනාලියක් බලන්න ගිය මාමාගෙන් තෙල් බිලකුත් වැටිලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

තෙල් හිඟය අස්සේ බෑණාට මනාලියක් බලන්න ගිය මාමාගෙන් තෙල් බිලකුත් වැටිලා

තෙල් හිඟය අස්සේ බෑණාට මනාලියක් බලන්න ගිය මාමාගෙන් තෙල් බිලකුත් වැටිලා

තෙල් හිඟය ඇති මෙවන් කාලයක අවිවාහක පුතුට මනාලියක් බැලීමට යාම වෙනුවෙන් යතුරු පැදියට රුපියල් පන්සීයක පෙට්‍රල් ලබාගත් පුවතක් අසන්නට ලැබිණි.


මෙම සිදුවීමට අනුව රාජ්‍ය ආයතනයක සේවය කළ හතළිස් විය පසුකර සිටි තම වැඩිමහල් සො‍හායුරිය‍ගේ පුත්‍රයාට විවාහය සඳහා තරුණියක සෙවීමේ කටයුත්ත බාර ගත්තේ මාමණ්ඩි තම යුතුකමක් ලෙස සලකාගෙනය.


තවත් රජයේ කාර්යාලයකම සේවය කළ මෙම මාමණ්ඩි සූර කපටිකම්ලින් මිනිසුන්ගෙන් යමක් කඩා වඩා ගැනීමට උපන්ගෙයි සමතෙකු බව ඔහු ඇසුරු කළ කාගේත් පිළිගැනීම විය.


පසුගිය දිනක තම වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාට ඇමතුමක් ලබාදී තමන් වෙත විවාහපේක්ෂිත තරුණියක සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ලැබුණු බව දැන්වීය.

 

ඒ අනුව රජයේ නිවාඩු දිනයක එම තරුණිය බැලීමට යාමට කතිකා කරගත් අතර එම ගමන තම යතුරුපැදියේම යා හැකි බව ඔහු පැවසීය.


කතිකාකරගත් දිනයේ උදෑසනින්ම පුත්‍රයාගේ නිවසට පැමිණ ඔහුද රැගෙන තරුණිය බැලීමට පිටත් විය‍. ඒ අතරතුර උදෑසන ආහාර නොගත් බව පවසමින් උදෑසන ආහාර වේලක්ද ගමන් මග තිබූ හෝටලයකින් ලබාගත්තේ එයද පුත්‍රයාගේ බිලට එකතු කරමිනි. 

 

හෝටලයෙන් යහමින් සප්පායම් වී අසල වෙළෙඳසඅලකින් මනාලියගේ නිවසට යාම සඳහා කේක් හා කෙසෙල් ඇවරියක්ද මිලදී ගත්තේය‍.


මෙලෙස මනාලියගේ නිවසට උදෑසන 10 පමණ වන විට ඔවුන් පැමිණි අතර නිවසේ අය සමඟ සතුටු සාමීචියේ යෙදී තේ පානයෙන් පසු නැවත නිවස බලා පිටත් විය. 

 

ඒ අතර තරුණිය සම්බන්ධයෙන් කැමැත්තද පුත්‍රයාගෙන් විමසා බැලු‍වේ ඔහුගේ අදහස දැන ගැනීමේ අපේක්ෂාවෙනි‍. 

 

මේ අතරතුර ගමන්ගත් යතුරුපැදිය ඉන්ධන පිරවුම් හලක් අසල නතර කළේය‍‍.


ඉන්ධ හලේ  පෙට්‍රල් ලබා ගැනීමේ ස්ථානය කරා යතුරු පැදිය රැගෙන ගොස් ඉන් රුපියල් පන්සීයක ඉන්ධන ලබා ගත් මාමණ්ඩිය “මේ දවස්වල තෙල් රත්තරන් වගේ ඒ නිසා පුතාගේ වැඩේ හරියන්නත් කියලා ඕක ගෙවලා දාන්න” යැයි පැවසුවේ කිසිදු ගණනකට නොගෙනයි‍‍.


එය ඇසූ පුත්‍රයා ඉන්ධනහලට රුපියල් පන්සීයක් ද ගෙවා, කෙල්ලත් කළුයි, වයසත් වැඩියි, වැඩේට දෙදාස් පන්සීයක්ම ගියා, මාමාගේ හැටිත් තවත් වතාවක් දැනගත්තා යැයි තමන්ටම කියා ගත්තේය‍.

views

639 Views

Comments

arrow-up