“හදවත එකඟ නැහැ. ආදරේ කරපු නිල ඇඳුමත් ගැටලුවක් වෙලා ! සමාවෙන්න !!” - හිටපු ඇමති අරුන්දික එක්කත් පැටලුණු, ASP එරික් පෙරේරා සංවේදීව කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

“හදවත එකඟ නැහැ. ආදරේ කරපු නිල ඇඳුමත් ගැටලුවක් වෙලා ! සමාවෙන්න !!” - හිටපු ඇමති අරුන්දික එක්කත් පැටලුණු, ASP එරික් පෙරේරා සංවේදීව කියූ කතාව

“හදවත එකඟ නැහැ. ආදරේ කරපු නිල ඇඳුමත් ගැටලුවක් වෙලා ! සමාවෙන්න !!” - හිටපු ඇමති අරුන්දික එක්කත් පැටලුණු, ASP එරික් පෙරේරා සංවේදීව කියූ කතාව

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ගැන, පසුගිය සමයේ අතිශය විශාල කතාබහක් ඇති වුණේ, අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික පෙරේරා සම්බන්ධයෙන් ඔහු නිර්භයව කළ ප්‍රකාශයක් නිසයි.

 

අනතුරුව එම නිර්භීත නිළධාරියාගේ හඬපටයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා ඔබට අමතක නැතුව ඇති.

 

මත්ද්‍රව්‍ය වැටලීම් ගණනක් සිදු කර ඇති එරික් පෙරේරා යනු 'යකෙක් ! එයා එක්ක සෙල්ලම් නම් බෑ' යනුවෙනුයි බොහෝ දෙනා විසින් හඳුන්වා දෙනු ලැබූවේ.

 

මේ වන විට ලංකාවේ ඇති වී තත්ත්වයත් සමඟ, ජනතාව විසින් පොලිස් නිලධාරින්ව විවේචනය කරන ආකාරයක් දැකගත හැකියි.

 

එසේ ම බොහෝ දෙනා 'පාලකයෝ රකින, මිනිසුන් පන්නා දමන පොලීසිය' යනුවෙන් පොලිසියට විවිධ චෝදනා කරමින් මොර දෙනවා ඔබටත් ඇහෙන්න ඇති.

 

එවන් තත්ත්වයක් තුළ සහකාර පොලිස් අධිකාරිවරයා සිය මුහුණු පොතට සටහනක් එක් කොට තිබුණා.

 

එය පහතින්..

 

 

views

888 Views

Comments

arrow-up