“මං ආවහම නවතින්නෙ ඒ ගෑණු ළමයගෙ කාමරේ, මං ඇන්ඳෙ ඒ ළමයගෙ ඇඳුම්, මේ ආත්මෙට ඔයාට සැනසිල්ලෙ නිදාගන්න බෑ”
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

“මං ආවහම නවතින්නෙ ඒ ගෑණු ළමයගෙ කාමරේ, මං ඇන්ඳෙ ඒ ළමයගෙ ඇඳුම්, මේ ආත්මෙට ඔයාට සැනසිල්ලෙ නිදාගන්න බෑ”

“මං ආවහම නවතින්නෙ ඒ ගෑණු ළමයගෙ කාමරේ, මං ඇන්ඳෙ ඒ ළමයගෙ ඇඳුම්, මේ ආත්මෙට ඔයාට සැනසිල්ලෙ නිදාගන්න බෑ”

කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවසක් එනවා’ ඒ දවස මොන තරම් ලස්සනයිද කියන්න නොදන්න ඒ එකි හීන ගොඩාක් මවාගෙන” පපුවේ හොවාගෙන ඇවිදගෙන යනවා

කසාඳයක්.


කෙනෙක් වෙනුවෙන් කරන්න ගන්න කැපකිරීමක්
ජීවිතය ම දන් දෙන එක

මේ තියෙන්නෙ අපිට මුහුණු පොතෙන් හමුවුණු කතාවක්

 

කොල්ලෙක් වෙනුවෙන් ජීවිතේම දීලා රැවටුණු තරුණියක් කියන හද කම්පා කරවන සුලු‍ කතාවක්

 

සමහර කුසල කර්ම මතු වෙන්නෙ හීනෙකින්වත් ප්‍රාර්ථනයක් නොකර” කියවන්න මං වෙනුවෙන්

 

මුලින්ම මේ දේ ලියන්නෙ මේ වෙද්දී මට එන දුරකථන ඇමතුම්වලට උත්තර දීලම මට ඇති වෙලා ඉන්න නිසා කිසිම පළිගැනීමේ චේතනාවක් නැති බවත් දකින අහන අය මේ ගැන මගෙන් විස්තර අහන එකෙන් දැන්වත් නිදහස් වෙන්න ඕනි නිසා ලියන ලියමනක් විතරයි මේක’ ඔයාව සහ මාව දන්න අය ඔයාගෙ හපංකම ගැන අහලා මේ දවස්වල මට කෝල් කරනවා මැසේජ් එවනවා ඉතින් ඒ හැමෝම දැනගන්න ඕනි මින් මතු කිසිම ආත්මෙක ගයාන් කියලා කෙනෙක් මගෙ ජීවිතෙට අවශ්‍ය නෑ කියලා

 

ශ්‍රී සුබ මංගලම්

ඔයා පුදුම වෙයි මං කොහොමද එහෙම සුබ පතන්නෙ කියලත් මගෙ සුබ පැතුම් දරාගන්න අමාරු වෙයි කියලම හැමදේම හොර රහසෙන් ප්ලෑන් කළා නේද? ඉතින් ඔයා හිතුවද මං මුකුත්ම දන්නෙ නෑ කියලා

 

නෑ ඔයාට වැරදුණා මං ඒ හැමදේම දන්නවා

 

ඒත් මගෙ ජීවිතේට ඔයාලගෙ මුලු‍ පවුලම කළා වගෙ ප්‍රාථමික මට්ටමේ කඩාකප්පල් වැඩ මං ඔයාලගෙ වෙඩින් එකට කළේ නෑ

 

අවුරුදු දහයකට වඩා වැඩි ප්‍රේම සම්බන්ධයක් පවත්වපු 2022 ජනවාරි 07 කසාඳ බඳින්න නැකැත් බලලා දිනත් දාගෙන හිටපු ඔයා එක පාරටම වෙනස් වෙද්දිත් අපි ඔයාව විශ්වාස කළා

 

මං විතරක් නෙවෙයි අපෙ පවුලෙ මිනිස්සු ඔයාගෙ යාළුවො ඒ හැමෝම ඔයාව විශ්වාස කළා අන්තිමේ කොළඹදි මාවත් ගෙදරදි තව කෙල්ලෙකුත් රවට්ටලා ඔයා ලස්සනට ඩබල් ගේම් එකක් ගහලා තියෙනවා කියලා ඔයාම ලෝකෙට ඔප්පු කරපු එක ගැන සතුටුයි

 

අපෙ සම්බන්ධය නැතිවුණෙ තනිකරම ඔයාගෙ සල්ලාලකම නිසා කියලා දැන් හැමෝම දන්නවා වෙන හේතුවක් ඇත්තටම තිබුණෙත් නෑනෙ

 

ඔයාගෙ වර්තමාන බිරිඳ ඒ කාලෙ ඉදන්ම්ම අපෙ සම්බන්ධෙ දන්න ඒකට උදව් කරපු කෙනෙක් ඉස්සර මං ඔයාව හම්බවෙන්න රජරට කැම්පස් එකට ආවහම මං නවතින්නෙ ඒ ගෑණු ළමයගෙ කාමරෙ’ මං ඇන්f​ඳ ඒ ළමයගෙ ඇඳුම් ඒ ගෑණු ළමයගෙ අම්මට මහරගම ආයුර්වේදෙන් බේත් අරන් දෙන්න මං පෝලිම්වල ඕනි තරම් ඉඳලා තියෙනවා ඒ අම්මව අපෙ කොළඹ ඇනෙක්ස් එකේ නවත්තගෙන බේත් කරමු කියලත් මං ඔයාට කියලා තියෙනවා’ මං එහෙම කියද්දිත් ඔයා කිව්වෙ ”‍ඒ කෙල්ල හැමවෙලේම මගෙ ඇඟේ එල්ලෙන්න එනවා මට මළ වදයක් වෙලා තියෙන්නේ තව මෙහෙත් ගෙනාවොත් හොඳට තියෙයි”‍ කියලා

 

ඔයාට ඒවා මතකද?
නෑ ඔයාට ඒවා මතක නෑ

 

අවුරුදු හතරක් උදේට” දවල්ට කෑම උයාගෙන ඔිස් එකට අරන් එන” බඩ දනවා කියද්දි කෝමාරිකා දණ්ඩ හූරලා කප් එකක දාල ඔිස් එකට අරන් එන කෙල්ල ඔයාට අමතක වෙද්දි

 

ජීවිතෙ අමාරුම කාලෙ නැගිටින්න දියුණු වෙන්න අත දුන්න හයිය වෙච්චි කෙල්ලව අමතක වෙද්දි

 

අතෙ සතේ නැති කාලවලදී දවසට එක වේලක් කාලා දුක සැප බෙදාගත්තු කෙල්ල ඔයාට අමතක වෙද්දී

 

ඔයා ඇක්සිඩන්ට් වෙලා ඉද්දි ඔයාගෙ අම්මලාටවත් කොළඹට එන්න නොදී ඔයාට සාත්තු කරපු කෙල්ලව අමතක වෙද්දී


අවුරුදු දහයයි මාස තුනක් එකටම හුස්ම ගත්තු කෙල්ලට ඔයා ලොකු රඟපෑමක් කරලා අපෙ අම්මලාට පණ දෙන්න වගෙ ඉඳලා” අපෙ පවුලෙ මළගෙවල් මඟු‍ල් ගෙවල් හැම දේකටම සහභාගී වෙලා උපාසක චරිතයක් රඟපාලා වෙනම කෙනෙක්ව කසාඳ බැන්ඳා කියන්නෙ
ඔයා දිනුවද?
නෑ”’ ඔයා දිනුවෙ නෑ


 
අද ඔයාගෙ බිරිඳට ඔයා කරපු ලොකුම බොරුව දන්නෙ මං
හෘද සාක්ෂියට එකඟව ඔයාට හිනාවෙන්න බෑ
මේ ආත්මෙට ඔයාට සැනසිල්ලෙ නිදාගන්න බෑ

 

කසාf​ඳ නීත්‍යානුකූල වුණාට විශ්වාසෙ එන්නෙ හදවතින්’ ඔයා එතනදි පැරදෙනවා
ඔයාට හෘද සාක්ෂියට එකඟව හුස්මක්වත් ගන්න බෑ
ලෝකෙට පේන්න ඔයාට මෙහෙම හිනාවෙන්න පුලු‍වන්නම් මට ලක්ෂ කෝටි වාරයක් හිනා වෙන්න පුළුවන්
හදවතට එකඟවම මට හිනා වෙන්න පුලු‍වන්

 

අපෙ අම්මා ඔයගෙ වෙනස්වීම ගැන ඔයාගෙ අම්මගෙන් අහද්දි ඔයාගෙ අම්මා දීපු ලස්සන” වැදගත් උත්තරෙ තමා මේක
”‍කොල්ලො කියන්නෙ ඕනම පඳුරකට හුජ්ජ කරලා යන්න පුලු‍වන් ජාතියක්”‍

 

කොච්චර නූගත් සහ මොනතරම් අසීලාචාර කතාවක් ද ඒක? ඇත්තටම අම්මා කෙනෙක්ට එහෙම කතාවක් කියන්න පුලු‍වන් ද?

 

ලෝකෙ ඉන්න හැම කොල්ලම තමන්ගෙ පුතා වගෙ අසහනකාරයෙක් නොසන්ඩාලයෙක් කියලා හිතන් ඉන්න අම්මා කෙනෙක් ඉතින් තවත් දුවෙකුට සළකයිද?
එහෙම පුතෙක් කසාදෙකට අත්සන ගැහුවා කියලා ජන්ම පුරුදු අත්හරීද?

 

ඉතින් එහෙව් අම්මෙක්ගෙ පුතෙක් කෙල්ලෙක්ට ගරු කරයිද ? එහෙව් පවුලක් දුවෙකුට රැකවරණයක් දෙයිද ?
නෑ කවදාකවත් නෑ ”‍මගෙ දෙයියා”‍ කියලා පණ දෙන්න වගෙ කතා කරනවනම් ඒ වාසියට විතරමයි

 

ජීවිතයේ අවුරුදු දහයක් තක්කඩි කපටි සල්ලාල කුපාඩි මනුස්සයෙකුට කැප කරත් කසාඳය කියන බැම්මට කළින් මාව අතෑරපු එකට අප්‍රමාණව ස්තූතියි

 

මේ සා බොරුවක් කළ මනුස්සයෙක් කෙල්ලන් අමාරුවෙ දාන්නම උපන් පවුලක් ”‍මගෙ”‍ නොවුණු එකම මට ලැබුණු ඉහළම පිනක්
තාමත් ඔයාගෙ යාලු‍වො ඔයාගෙ වෙඩින් Photos දකිද්දි මට කෝල් ගන්නවා දැන් හැමෝම දැනගන්න ඕනි ඔයාලත් එක්ක මගෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා

 

මිනිස්සු ජීවිත්වලට එනවා යනවා ඒක සාමාන්‍ය දෙයක් නමුත් කිසිම කෙනෙක් තවත් කෙනෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලන් කරන්න එපා’මගෙ ආගම අනුවනම් ඒක පඬිසන් දෙනවාමයි


බෙල්ලන්විල පංසලේදි 2021 පෙබරවාරියේදි මගෙ ඔලු‍වට අත තියලා මාව කසාඳ බඳිනවා කියලා දිව්රපු විදිහ මතක් වෙද්දි හිනත් යනවා

 

දැන් ඕනි කෙනෙකුට හිතන්න පුලු‍වන් ”‍ආ දැන් ඉතින් කසාඳ බැඳලනෙ” ආයෙ කියලා වැඩක් නෑනෙ”‍ කියලා


ඔව් ඒත් කසාඳෙ කියන්නෙ මානුෂීය වගේම හෘදයාංගම ගණුදෙනුවක් අසාධාරණ විදිහට කරන සෙල්ලමක් නෙවෙයි කසාඳයක් බැන්දාම ඔක්කොම වැරදි හංගන්න පුළුවන් කියලා හිතනවානම් මේ ලෝකෙ හැමෝම ජීවිත එක්ක සෙල්ලම් කරයි ඊට පස්සෙ මුකුත් නොදන්නවා වගෙ ලස්සනට කසාදයක් බඳීවි ඒත් අපි සෙල්ලම් බඩු නෙමෙයි

 

විවාහය කියන්නෙ නීත්‍යානුකූල ලියවිල්ලකට එහා ගිය බැඳීමක් ඒක අතිශය සාධාරණ සහ උතුම් දෙයක් වෙන්න් ඕනි


මං සාප කරන්නෙ නෑ
ඔයා ගියෙ ලක්ෂ දහයක ණයකට මාව හිරකරලා
ඔයා ගියෙ කර කර හිටපු රස්සාවෙන් මාව අස් කරවලා
ඔයා ගියෙ අපි දෙන්නා කතා බහ කරලා ගත්තු තීරණ ගොඩක මාව අතරමං කරලා
ඔයා ගියෙ අන්තිම අසරණම තත්වෙට මාව පත් කරලා

 

ඒත් තාමත් මං ඔයාට සාප කරන්නෙ නෑ’ ඔතන ඉන්නෙත් මං වගේම ගෑණු කෙනෙක් නිසා හදවතින්ම සුබ පතනවා’ මගෙ ජීවිතෙ” මගෙ හීන මගෙ බලාපොරොත්තු දැන දැනම ඔයාල සුන්නද්ධූලි කළාට මං එහෙම සාප කරන්න හිතන්නෙවත් නෑ


ඒ වගේම මැරෙන්න මොහොතකට තියලාහරි පාපොච්චාරණය කරන්න උත්සාහ කරන්න’ එතකොට කසාදෙ කෙසේවෙතත් මරණය හරි සැනසිල්ලෙ සිද්ද වේවි

 

”‍කෙල්ලෙක්ට ගෑණියෙක් වෙන්න යන්නෙ මිනිත්තු කිහිපයයි’ ඒත් පිරිමියෙක්ට මහත්මයෙක් වෙන්න කල්ප කාලයක් ඕනි”‍
මං ඉගෙන ගත්තු පාඩම එච්චරයි

 

මං නරක කෙනෙක් නොවීම ගැන තාමත් මං මගෙ නම කැත කරගන්නෙ නැතුව ජීවත් වීම ගැන මටම දැනෙන්නෙ ආඩම්බරයක් ඔයා නිසා වැටුණු වළෙන් මං කොහොමහරි නැගිටිනවා මං කරපු කැපකිරීම් මං දන්නවා වරදක් නොකරම දඬුවම් වින්ද මං වැටෙන්න වැටෙන්න හිටගන්නවා

 

මේ වගෙ වෙලාවක මගෙ හිත හදන” දිරිය දෙන හැමෝටම පිං

views

993 Views

Comments

arrow-up