“මාව ගාලු‍ මුවදොරෙන් පැන්නුවේ ජවිපෙයි” - “මෝටිවේෂන් අප්පච්චි” එළියට දැමූ අරගලයේ සැඟවුණු රහස් මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

“මාව ගාලු‍ මුවදොරෙන් පැන්නුවේ ජවිපෙයි” - “මෝටිවේෂන් අප්පච්චි” එළියට දැමූ අරගලයේ සැඟවුණු රහස් මෙන්න (VIDEO)

“මාව ගාලු‍ මුවදොරෙන් පැන්නුවේ ජවිපෙයි” - “මෝටිවේෂන් අප්පච්චි” එළියට දැමූ අරගලයේ සැඟවුණු රහස් මෙන්න (VIDEO)

ගාළු මුවදොර විරෝධතා භූමියෙන් තමන්ව ඉවත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් බව සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන මෝටිවේෂන් අප්පච්චි නැමැත්තා පවසයි.

 

තමන් සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් අසත්‍ය පතුරුවමින් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

 

එම විරෝධතාවයේ නායකත්වය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් උත්සාහ කළ අවස්ථාවේ තමන් ඊට තදින් විරුද්ධවීම නිසා තමන්ට එරෙහිව මෙම අසත්‍ය සමාජ මාධ්‍ය පුරා පතුරවමින් එම භූමියෙන් තමන් ඉවත් කළ බවත් ඔහු පවසයි.


මෙම විරෝධතාවයට සම්බන්ධ වූ තමන් කිසිවෙකුගේ මුදල් ගසාකෑම සිදුනාකළ බවත් තමන්ට ලැබුණු සියලු‍ ආධාර වලින් තරුණයින්ට ආහාරපාන ලබා දුන් බවත් තවත් යම් මුදලක් ඉතිරිව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

ඔහුගේ සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මගින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 

 

views

651 Views

Comments

arrow-up