ඔහු කල වරදට මරණ දඬුවම නියම වෙයි - අපරාධකරුවෙක් බවට ඔප්පු වී තිබියදීත් ඔහු නමින් පෙම් හසුන් දහස් ගණනක් ඇවිත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ඔහු කල වරදට මරණ දඬුවම නියම වෙයි - අපරාධකරුවෙක් බවට ඔප්පු වී තිබියදීත් ඔහු නමින් පෙම් හසුන් දහස් ගණනක් ඇවිත්

ඔහු කල වරදට මරණ දඬුවම නියම වෙයි - අපරාධකරුවෙක් බවට ඔප්පු වී තිබියදීත් ඔහු නමින් පෙම් හසුන් දහස් ගණනක් ඇවිත්

කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ෆ්ලොරිඩා ජාතිකයෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා.

 

"Deadpool Killer" ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 30 හැවිරිදි වේඩ් විල්සන්, 2019 වසරේ දී කාන්තාවන් දෙදෙනෙකු ගෙල සිර කර මරා දමා ඇති බවයි වාර්තා වූයේ.

 

එම වැරදි සම්බන්ධයෙන් වරදකරු වූ ඔහු, මරණ දඬුවම නියම කරන විට කිසිදු හැඟීමක් නොපෙන්වා සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

වේඩ් මෙලෙස වරදකරු වූයේ Kristine Melton (35) සහ Diane Ruiz (43) යන අයගේ මරණ සම්බන්ධයෙනි.

 

මිනීමැරුම් සිදු වූ දින රාත්‍රියේ, ඔහු මෙල්ටන් හට ඇගේ නිවස තුළදී ම මත්ද්‍රව්‍ය ලබාදී ලිංගිකව එක්වීමෙන් පසු පහර දී ඇති බව සඳහන්. පසුව ඇයගේ ගෙල මිරිකා, ඇයගේ ම මෝටර් රථය ද රැගෙන පිටව ගොස් තිබෙනවා.

 

එමෙන්ම ඔහු මෙල්ටන්ගේ දුරකථනය භාවිතා කර සිය පෙම්වතිය හට අමතා ඇති බව සඳහන්. කොහොම නමුත් පසුව ඇය මෝටර් රථයට නැඟීම ප්‍රතික්ෂේප කළ විට ඇයට ද පහර දී තිබෙනවා.

 

අනතුරුව වේඩ් හට රුයිස් නැමති කාන්තාව හමුව ඇත්තේ ඇය මාර්ගයක් පිළිබඳව ඔහුගෙන් කළ විමසීමකදීයි. ඔහු ඇයට ද වාහනයට ආරාධනා කර ඇයගේ ගෙල සිරකර මරා දමා ඇති බව සඳහන්.

 

එලෙස මරා දැමූ ඇයගේ සිරුර මතින් කිහිප වරක් ම වාහනය ගෙන යාමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

 

වේඩ් විල්සන්ගේ මෙම සාහසික ක්‍රියාවන් තුළින් ''තනිකරම ඝාතනය කිරීමට ඇති ආශාවන්'' පෙන්නුම් කරන බවයි නීතීඥයින් සඳහන් කරන්නේ.

 

වේඩ් මෙලෙස බරපතල අපරාධකරුවෙක් බව දැන දැනත් සිරගතව සිටි කාලය තුළ ඔහුට රසිකයින්ගෙන් තැපැල් පත්, ආදර හසුන් සේ ම ඡායාරූප ද දහස් ගණනක් ලැබුණු බවයි වාර්තා වන්නේ.

 

කෙසේ නමුත් ඔහුගේ අසාමාන්‍ය මානසික තත්ත්වය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ළමා වියේදී දරුකමට හදා ගැනීම වැනි හේතූන් මත නිර්මාණයක් වූවක් වන බවයි වේඩ්ගේ නීතීඥයින් තර්ක කර ඇත්තේ.

views

251 Views

Comments

arrow-up