“දාන ෆොටෝස්වලට කතා අහන්න මට සිද්ද වෙලා, අරයා කවුද, මෙයා කවුද අහගෙන වැළලෙන්න හදන්න එන්න එපා” - ජනප්‍රිය නිළි ලෝචනාගෙන් සැර කතාවක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

“දාන ෆොටෝස්වලට කතා අහන්න මට සිද්ද වෙලා, අරයා කවුද, මෙයා කවුද අහගෙන වැළලෙන්න හදන්න එන්න එපා” - ජනප්‍රිය නිළි ලෝචනාගෙන් සැර කතාවක් (PHOTOS)

“දාන ෆොටෝස්වලට කතා අහන්න මට සිද්ද වෙලා, අරයා කවුද, මෙයා කවුද අහගෙන වැළලෙන්න හදන්න එන්න එපා” - ජනප්‍රිය නිළි ලෝචනාගෙන් සැර කතාවක් (PHOTOS)

ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි කියන්නෙ, කටකාර - දඟකාර චරිතයක් විදියට කාගෙත් ආදරය, ආකර්ෂණය දිනූ චරිතයක්.

 

විවාහයත් එක්ක නිර්මාණවලින් නිතර දකින්න නොලැබුණාට මොකද, ලෝචි ඇයව අමතක වෙන්න නම් දීලා නෑ.

 

සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් වන ඇය නිතරම පාහේ රූපවාහිනි වැඩසටහන් තුළින් රසික රසිකාවියන් හමුවට එනවා.

 

විශේෂම කාරණය තමයි ඈ සිය ආදරණීය පුත්‍රයා එක්ක ගෙවන සොඳුරු අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගැනීම.

 

 

ලෝචිට තියෙන්නෙ රටවල් දෙකක ගෙවන ජීවිතයක්.

 

ඒ නිසාම ඇය ලංකාවට ආ හැටියේම සිය යහළු යෙහෙළියන් එක්ක කාලය ගෙවන්න අමතක කරන්නෙ නෑ.

 

එහෙම කාලය ගෙවන සොඳුරු අවස්ථා ගැන මතක සටහන් ඇය සමාජ මාධ්‍ය තුළිනුත් බෙදාගන්නවා ඔබ දැක ඇති.

 

ලෝචිගේ යහළුවන් අතර කෙනෙක් තමයි රූපලාවන්‍ය ශිල්පි සුරංග ආකාෂ්.

 

 

ඉතින් ලෝචි, ඔහු එක්ක ගන්නා ඡායාරූපවලට වගේම ඔහු එක්ක ඇති මිතුරුකම වපර ඇහින් දකින කාටත් පුංචි කතාවක් කියලා තිබුණා. ඒ, ඡායාරූප එකතුවක් එක්කම...

 

 

''ජීවිතේ හැමදේම හැමෝ එක්කම බෙදාගන්න බැහැ.

මගේ ජීවිතෙත් එහෙම හරිම අතලොස්සක් ඉන්නව දුක,සතුට,ප්‍රශ්න බෙදාගන්න පුලුවන් අය.

Suranga Akash ඔයත් මට එහෙම කෙනෙක්.

බැදපු දරුවෙක් ඉන්න ගැහැණු කෙනෙක් සහෝදරයෙක්,යහලුවෙක් ඇසුරු කරන්න බැහැ කියල හිතන මෝඩ මිනිසුන් ඉන්න රටක ඉපදුන පවට අපි දාන photos වලට කැත කතා අහන්න මට සිද්දවෙලා.

ඔයා අම්ම කෙනෙක්ද? ඔයා බිරිදක්ද?

ඔයා ඔයාගේ වගකීම් ඉශ්ඨ කරන කෙනෙක්නන් ලස්සනට ඉන්න,සතුටින් ඉන්න,යාලුවෝ ඇසුරු කරන්න.

ඔයාට වෙලාව දෙන්න. හැම වෙලාවෙම ඔයාව සතුටින් තියන්න එවිට ඔයා වටා ඉන්න හැමෝම සතුටින් ලස්සමට ජීවත් කරන්න ඔයාට පුලුවන් වෙයි.

දැන් ඔන්න ආපහු අරය කවුද මෙයා කවුද අහගෙන comments,inbox වැලලෙන්න හදන්න එපා හොදේ ''

 

 

views

612 Views

Comments

arrow-up