රහල්ගේ කැදැල්ල සරසන්න තවත් ලස්සන අමුත්තියක් ඇවිත් - එයා ලංකාවටත් සමුදෙයිද?? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

රහල්ගේ කැදැල්ල සරසන්න තවත් ලස්සන අමුත්තියක් ඇවිත් - එයා ලංකාවටත් සමුදෙයිද?? (PHOTOS)

රහල්ගේ කැදැල්ල සරසන්න තවත් ලස්සන අමුත්තියක් ඇවිත් - එයා ලංකාවටත් සමුදෙයිද?? (PHOTOS)

ගායකයෙක් හැටියට කාගෙත් ආදරය දිනූ, රහල් අල්විස් දැන් දැන් ගායනයෙන් දකින්න ලැබෙන ඉඩ හරි අඩුයි.

 

ඒකට හේතුව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිව්වොත් හරි.

 

ව්‍යාපාර එක්ක අතිශය කාර්‍යබහුල රහල් ගැන, සුබ ආරංචි දෙකක්ම අපිට අහන්න ලැබුණා.

 

මයික්‍රෆෝනය සේ ම කතුරත් හොඳට හුරු ඔහු, ලංකාවේ වගේම ඩුබායි රාජ්‍යය දක්වාත් සිය ව්‍යාපාරය පුළුල් කරලා.

 

ඒ අනුවයි පසුගියදා 'Rahal Alwis Gents Saloon' ඩුබායිවල විවෘත වුණේ.

 

එම විවෘත කිරීමට රහල්ට හිතවත් කලා තරු ද සහභාගීව උන්නු අන්දම දකින්න ලැබුණා.

 

ව්‍යාපාර කටයුතුත් එක්ක, ඩුබායි ගමන රහල්ට දැන් සාමාන්‍ය එකක් වෙලා. නමුත් සම්පූර්ණයෙන් ම ඩුබායිවල නතර වෙන්න තමන්ට බලාපොරොත්තුවක් නෑ කියලයි රහල් නම් කියන්නෙ.

 

 

ඔහුගේ මේ ආරංචියත් එක්කම තවත් ආදරණීය ආරංචියක් අහන්න ලැබුණා.

 

ඒ තමයි, රහල් - සෙව්වන්දි දෙන්නගෙ සොඳුරු කැදැල්ල හැඩකරන්න තවත් පුංචි අමුත්තෙක් ආව සුබ ම සුබ ආරංචිය.

 

අලුත් අමුත්තා එක්ක ඉන්න අපූරු ඡායාරූපයකුත් මේ විදියට අපිට දකින්න ලැබුණා.

 

 

ලොකු දෝණි රයිලි අල්විස්ගේ තනියට රහල්ගේ කැදැල්ල සරසන්න මෙවරත් ඇවිත් තියෙන්නෙ දූ පැටියෙක්.

 

ඔන්න එහෙනම් මේ සුබ ආරංචි දෙකටම රහල්ට අපෙන් උණුසුම් සුබපැතුම්....

views

505 Views

Comments

arrow-up