යාත්‍රා අනතුරින් අතුරුදන්වූ කෝටිපතියන්ගේ ඉරණම් කෙසේ විසඳේවිද? - මධ්‍යධරණී මුහුදේ සිදුවූ ඛේදවාචකය (PHOTOS)

ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ ‘බයේසියන්‘ සුඛෝපභෝගී සංචාරක යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු අතුරුදන්වූ බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 6දෙනාගේ ඉරණම තීන්දු කරන අවසන් පැය කිහිපය උදා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යාත්‍රාව අනතුරට ලක්වන විට ඔවුන් සිය කැබින් කාමරවල සිටි බවට වාර්තා වී ඇති අතර, එම කැබින් කාමර බාහිර බලපෑම්වලින් ආරක්ෂාකාරී හා වාතය පිරුණු සීල් තැබූ ආකාරයේ කාමර බැවින් අතුරුදන්වූ පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් සමුද්‍ර අනතුරු සම්බන්ධ විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.
එම කැබින් කාමරවල වීදුරු කවුළු බිඳ දමා ඊට ඇතුළුවීම ඉතාලි වෙරළාරක්ෂක බළකාය ඇතුළු මෙහෙයුම් ප්‍රධානින්ගේ සැලසුම වී ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වුවත් ගැඹුරු මුහුදේ කිමිදීම මිනිත්තු 12කට සීමා වන බවත්, ඒ සඳහා කිමිදුම් කණ්ඩායම් කිහිපයක් මිනිත්තු 12ක් වරක් මාරු කිරීමේ ක්‍රමවේදය යටතේ මෙහෙයුම්වල නිරතව සිටින බවත් මෙහෙයුම් ප්‍රධානින් සඳහන් කර තිබේ.
ඒ අනුව අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම ඉතා සංකීර්ණ වී ඇතැයි ද වාර්තා වේ. මෙහෙයුමට ගත වන දීර්ඝ කාලය හා සිසිලි දූපත අවට මධ්‍යධරණි මුහුදේ සුළි කුණාටුවලට වරින් වර හසුවන යාත්‍රා සහ නෞකාවල ඉතිහාසය පිළිබඳ අත්දැකීම් බහුල කිමිදුම්කරුවන්ගේ අදහස වී ඇත්තේ අතුරුදන්වූ පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබා ගත නොහැකි බවය.
‘බයේසියන්‘ යාත්‍රාව මේ වන විට සිසිලි දූපත ආසන්නයේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත්වී ඇති බව සාගර පතුලට යවනු ලැබු දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන සාගර නිරීක්ෂණ උපකරණය මගින් හඳුනා ගෙන ඇති අතර, මෙහෙයුම් ප්‍රධානින් එහි පටිගත වී ඇති වීඩියෝපට අනුව ඉදිරි පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
යාත්‍රාව අනතුරට ලක්වන විට ඔවුන් සිය කැබින් කාමරවල සිටි බවට වාර්තා වී ඇති අතර, එම කැබින් කාමර බාහිර බලපෑම්වලින් ආරක්ෂාකාරී හා වාතය පිරුණු සීල් තැබූ ආකාරයේ කාමර බැවින් අතුරුදන්වූ පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් සමුද්‍ර අනතුරු සම්බන්ධ විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.
315 Views
Comments